gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජේලර් රුවන් ඝාතනයට පොඩි ලැසීගේ ගෝලයෝ 2ක් අත්අඩංගුවට

බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් රුවන් ජයරත්න ඝාතනයේ සුලමුල හෙළිකර ගත් විශේෂ පොලිස් කණ්ඩායමක් එම ඝාතනයට සම්බන්ධ දෙදෙනකු මෝටර් රථයක්ද සමඟ ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පොඩි ලැසී නැමැති දකුණේ පාතාල ප්‍රබලයකුගේ ගෝලයන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා හික්කඩුව පැත්තේ සංචාරක හෝටලයක සේවකයන් බවද ආරංචි මාර්ග අනාවරණය කළේය. ජේලර්වරයා ඝාතනය පොඩි ලැසී විසින් බන්ධනාගාරයේ සිට ජංගම දුරකතනවලින් මෙහයවා ඇති බවත් ඔත්තු බලා ඇත්තේ අත්අඩංගුවවට ගත් හෝටල් සේවකයන් දෙදෙනා විසින් බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය. කුළියට ගත් මෝටර් රථයක නැගී ඔවුන් ඔත්තු බලා ඇතැයි දඅනාවරණය වී තිබේ.

පොඩි ලැසී විසින් ජේලර් වරයාව ඝාතනය කර ඇත්තේ බන්ධනාගාරයේම උසස් නිලධාරියකුගේ කොන්ත්‍රාත්තුවක් මත බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන්ද විමර්ශකයන්ගේ අවධානයක් යොමු ව ඇත. එම නිලධාරියා සම්බන්ධයෙන්ද මේ වන විට බුද්ධි අංශ විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබේ.

ජේලර්වරයාට වෙඩි තැබූ වෙඩිකරු සහ ඔහු ගමන්කළ යතුරුපැදිය ගැනද තොරතුරු විමර්ශන කණ්ඩායම් වලට ලැබී ඇත. ඉදිරි දින කිහිපය තුළ වෙඩික්කරුවාව ඝාතනයට යොදාගත් ටී 56 අවිය සමග අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

ගයාන් කුමාර වීරසිංහ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka