gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පිට පළාත්වලින් පැමිණ මහරගම බයිසිකලෙන් ඉල්ලා තේරුන මන්ත්‍රීවරු නෙරපීම අධිකරණය පිළිගනී

මහරගම නගර සභාවට 'බයිසිකලය' ලකුණින් තරඟ කොට ජයග්‍රහණය කළ මන්ත්‍රීවරුන් පිරිස ඉවත් කරන්නැයි ඉල්ලන්නේ එම නගර සභාවට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කළ මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (21දා) පිළිගත්තේය.
මහරගම නගර සභාවට 'බයිසිකලය' ලකුණින් තරග කොට ජයග්‍රහණය කළ සමහර මන්ත්‍රීවරුන් එම ඡන්ද බල ප්‍රදේශය තුළ පදිංචිකරුවන් නොවන හෙයින් එම මන්ත්‍රීවරුන් පිරිස ඉවත් කරන්නැයි ඉල්ලමින්
ඉදිරිපත් කොට තිබූ මෙම පෙත්සම සම්බන්ධයෙන් පැවැත්වූ දීර්ඝ විභාගයෙන් අනතුරුව පෙත්සම
පිළිගන්නා බව විනිසුරුවරයා සිය නියෝගයේ සඳහන් කළේය.

මහරගම නගර සභාවට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කළ ජයමිණි පුෂ්පකුමාර මහතා ඇතුළු 21 දෙනකු විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සම් වගඋත්තරකරුවන් වශයෙන් මහරගම නගර සභාවට 'බයිසිකලය' ලකුණින් තරග කොට ජයග්‍රහණය කළ මන්ත්‍රීවරුන් පිරිස ඇතුළු 25 දෙනකු නම් කොට ඇත. 2018 පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී මහරහම නගර සභාව සඳහා 'බයිසිකලය' ලකුණින් තරඟ කළ වගඋත්තරකරුවන් ඇතුළු පිරිසක් ජයග්‍රහණය කළ බවත්, තමන් එම මැතිවරණයේදී දෙවැනි ස්ථානයට පත් වූ බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සම් සඳහන් කොට තිබිණි.

පළාත් පාලන මැතිවරණ පනත අනුව මැතිවරණයට ඉදිරිපත් විය යුත්තේ අදාළ ඡන්ද බල ප්‍රදේශය තුළ හෝ මැතිවරණ  දිස්ත්‍රික්කය තුළ අදාළ මැතිවරණ  සමයේදී මෙම ඡන්ද හිමි නාමලේඛනය සකස් කරන සමයේදී ස්ථිර පදිංචි වී සිටින අය බව සඳහන් වී ඇතැයි පෙන්වා දුන් පෙත්සම්කරුවන් වගඋත්තරකරුවන් අතුරින් බොහෝ පිරිසක් පළාත් පාලන මැතිඳිරණ පනත් අදාළ වගන්තිය උල්ලංඝනය කොට ඇතැයිද, ඔවුන්ගෙන් ඇතැමෙකු පිට පළාත්වල පදිංචිකරුවන් බවද සඳහන් කොට තිබිණි.

එම තත්වය අනුව මෙම පෙත්සම විභාග කොට මහරගම නගර සභාවට 'බයිසිකලය' ලකුණින් තරග කොට ජයග්‍රහණය කළ මන්ත්‍රීවරුන් පිරිසක් එම නගර සභා මන්ත්‍රී ධුරවලින් ඉවත් කරන්නැයිද පෙත්සම්කරුවන් සිය පෙත්සමින් ඉල්ලා තිබිණි.මෙම පෙත්සම සම්බන්ධයෙන් පැවැති දීර්ඝ විභාගයකින් අනතුරුව සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් පෙත්සම පිළිගන්නා බව විනිසුරුවරයා සඳහන් කළේය.
ඒ අනුව ඉදිරියේදී එම මන්ත්‍රිධූර වලට ගාටලුකාරී තත්වයක් පැනනගී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka