gossip lanka

ක්‍රීඩාවෙන් සමුගත්තාම දිවි නසා ගැනීමේ ප්‍රවණතාවන් ඇතිවෙලා - සංගා

ක්‍රීඩාවේ මානසික ඇද වැටීම් සම්බන්ධයෙන් විවෘතව කථා බහ කළ යුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක හා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසයි.

මානසික පීඩාව තුළින් සියදිවි නසා ගැනීම වැළැක්වීමට 1333 සේවාව ප්‍රචලිත කිරීම සඳහා ඊයේ  (29) ආරම්භවු සුහද පාපැදි සවාරිය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.


එසේ නොකිරීම තුළින් බොහෝ ක්‍රීඩකයින්ගේ ක්‍රිකට් දිවිය අඩපණ වී ඇති බවද ඔහු සඳහන් කලේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාර් සංගක්කාර මෙසේද පැවසීය.

"ගොඩක් ක්‍රීඩකයින් මානසිකව වැටීම තුළින් ගොඩක් අයගේ ක්‍රිකට් දිවිය අඩපණවෙලා, නැවතිලා තියෙනවා. ලංකාවේ මෙවැනි ප්‍රශ්න උග්‍ර වෙලා ක්‍රීඩකයින්ගේ ක්‍රිකට් දිවියට හානියක් වෙලා තියෙනවා. එහිදී අපි ඕව විවෘතව කථා කරන්න ආස නෑ. ඒවා අපේ දුර්වලතාවක් කියලයි හිතන්නේ. මේ ප්‍රශ්න යට ගහනකොට ඒවා උග්‍ර වෙනවා මිසක් ඈත් වෙන්නේ නෑ. මම දැකලා තියෙනවා විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩාවෙන් සමු අරන් ගියාම ඔවුන් අතර සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවන් ඇතිවෙලා තියෙනවා."
gossip lanka