gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උසස්වීම් දෙන ලකුණු ක්‍රමයෙන් කොස්තාපල්ලා එකම තැන

වසර දහසයක සේවා කාලය සලකා බැලීම වෙනස් කොට ලකුණු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම නිසා පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුර දක්වා උසස්වීම් ලැබීමට සිටින පිරිසට බලවත් අසාධාරණයක් සිදුවී තිබේ.


මෙතෙක් පැවැති උසස්වීම් ක්‍රමයට අනුව වසර දාසයක් සම්පූර්ණ කළ පොලිස් කොස්තාපල්වරුන් සැරයන් තනතුරට උසස් විය. එමෙන්ම එම කාලය සම්පූර්ණ කිරීමට නොහැකි වූ පිරිසට ඊළඟ උසස්වීම් පිරිනැමීමේදී ප්‍රමුඛ අවස්ථාව හිමිවිය.

ලකුණු ක්‍රමය යටතේ වසර දාසයක් සපුරන පොලිස් කොස්තාපල්වරුන්ට ලකුණු 32ක් හිමි වේ. එහෙත් ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් කැපවීමෙන් රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරුන් විශේෂ රාජකාරිවල නිරත නොකිරීම නිසා ඔවුන්ට ලකුණු හිමිවවන්නේ අඩුවෙනි. එම නිසා අවශ්‍ය ලකුණු ලබා ගැනීම අපහසු වී තිබේ.

උද්ගත වී ඇති තත්ත්වය යටතේ පොලිස් උසස්වීම් පටිපාටියේ බරපතළ විෂමතාවක් පැන නැගී ඇති බව පොලිස් කොස්තාපල්වරුන්ගේ එකමුතුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ලිඛිතව දැනුම් දී ඇත.

රංජිත් ගුණවර්ධන
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka