gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බදු වැඩි නිසා වාහන ආනයනය පහළට !

ජනවාරි සිට ජූනි දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද පෞද්ගලික වාහන සඳහා දරන ලද වියදම 60.1%කින් පහත බැස ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවේ සටහන් වේ.

මේ අතර 2019 ජූනි මාසයේ දී මෙරට ආනයනය කරන ලද පෞද්ගලික රථවාහන සඳහා දරා ඇති වියදම ඩොලර් මිලියන 48.1කි.


මෙය 2018 වසරේ ජූනි මාසයේ අගය වූ ඩොලර් මිලියන 146.8 හා සැසඳීමේ දී 67.2%ක පහළ යාමකි.

පෞද්ගලික භාවිතය සඳහා ගනු ලබන රථවාහන ආනයනය අඛණ්ඩව අඩු වීමද දෙමුහුන් හා විද්‍යුත් රථවාහන සහ සිලින්ඩර ධාරිතාව 1000ට අඩු රථ වාහන ආනයනය මත 2019 මාර්තු මාසයේ දී නිෂ්පාදන බදු ඉහළ දැමීමේ බලපෑම මෙමඟින් පිළිබිඹු කරනු ලබන බව මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka