gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් TV ඩීල් එකට කමිටුවක් !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රූපවාහිනී විකාශන හිමිකම් පිළිබඳව වාර්තාවක් සකස් කිරිමට හා නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පඅවසීය.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකදීය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජතයෙක් නම් කර කෙරෙන බවද ඔහු කීය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයා එම කවුන්සිලය විසින් නම් කිරීමට නියමිතය.

අයි.සී.සී. සභාපති හා පැවැති සාකච්ඡාවේ ප්‍රථිඵලයක් ලෙස මෙම කමිටුව පත්කිරීමට කටයුතු කර ඇති බවද මේ අතර වාර්තා වේ.

මේ අතර, තරග ඔට්ටු තැබීමේ ව්‍යාපාර සඳහා පවුලේ අයකු හෝ සම්බන්ධතාවයක් ඇති නම් ඔවුන්ට ක්‍රීකට් ආයතනයේ නිල තල දැරීමට නොහැකි වන ආකාරයට නව නීති ක්‍රියාත්මක කිරීමට අදාළ ගැසට් පත්‍රයට මේවන විට අත්සන් තබා ඇති බවද ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka