gossip lanka

ක්ෂණික ආහාර අලෙවිසල් අවට ජනතාවට හෘදයාබාධ වැඩි වෙලා

වැඩි වශයෙන් ක්ෂණික ආහාර අලෙවිසල් (ෆාස්ට් ෆුඞ් අවුට්ලට්ස්) පවතින ප‍්‍රදේශවල හෘදයාබාධයන්ට ගොදුරු වන්නන්ගේ සංඛ්‍යාව වැඩි බව බටහිර පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

කිසියම් ප‍්‍රදේශයක අමතර එක් ක්ෂණික ආහාර අලෙවිසලක් පැවතියහොත් එම ප‍්‍රදේශයේ ජනගහනයෙන් ලක්ෂයකට (100,000) හෘදයාබාධයන්ට ගොදුරු වන්නන්ගේ සංඛ්‍යාව වාර්ෂිකව හතර දෙනකුගෙන් වැඩි වන බව යුරෝපා හෘද සඟරාවේ පළ වූ එම අධ්‍යයන වාර්තාවෙහි දැක්වේ.

 මෙම තත්ත්වය නගරබද මෙන්ම ග‍්‍රාමීය ප‍්‍රදේශවලට ද අදාළ වන අතර මේ පිළිබඳ නිගමනයකට එළැඹ ඇත්තේ පුද්ගලයකුගේ වයස, තරබාරුබව, කොලෙස්ටරෝල් ප‍්‍රමාණය, අධිරුධිර පීඩනය, දුම්පානය කරන්නේ ද යන වග හා දියවැඩියාව යන කරුණු විමසීමෙන් පසුව බව පර්යේෂකයෝ් පවසති.

 හෘදයාබාධයන්ට ගොදුරුව රෝහල්ගත කරන ලද රෝගීන් 3070 ක් ආශි‍්‍රතව සිදු කරන ලද අධ්‍යයනයකදී මෙම තොරතුරු හෙළි වී තිබේ.
gossip lanka