gossip lanka

නුවරඑළිය කඳවුරේදී අවි පුහුණුව ලැබූ සහරාන්ගේ ප‍්‍රබලයෙක් ගම්පොළින් අල්ලයි !

තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ නායකයාව සිටි මොහොමඞ් සහරාන් යටතේ නුවරඑළිය පුහුණු කඳවුරේ අවි පුහුණුව ලැබූ ජමාතේ මිල්ලතේ ඊබ‍්‍රහිම් සංවිධානයේ තවත් ප‍්‍රබල සාමාජිකයකු අම්පාර පොලිසිය මගින් ඊයේ (22 වැනිදා)  අත්අඩංගුවට ගෙන ඇත.


අබු ඉක්ත‍්‍රිමා නමැති මෙම ත‍්‍රස්තයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පොල ප‍්‍රදේශයේ නිවසක සිටියදීය.

 රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය විසින් අම්පාර පොලිසියට ලබාදුන් තොරතුරකට අනුව මෙම ත‍්‍රස්තවාදියා අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය පසුගිය දින කීපයේදී ලබාදී තිබූ තොරතුරු අනුව ජමාතේ මිල්ලතේ ඊබ‍්‍රහිම් සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයන් 16 දෙනකු අම්පාර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අබු ඉක්ත‍්‍රිම් නමැති මෙම ත‍්‍රස්තවාදියා මොහොමඞ් සහරාන් යටතේ නුවරඑළිය පුහුණු කඳවුරේදී ගිනිඅවි පුහුණුව ලබා ඇති අතර ඔහුගේ දේශන රැුසකට ද සහභාගි වී ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.
gossip lanka