gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෆේස්‌බුක්‌ ගිණුම් ඩැහැගැනීමේ අවදානමක්‌ !

අනාරක්‍ෂිත ෆේස්‌බුක්‌ ගිණුම් හඳුනා නොගත් පාර්ශ්වයකගේ ග්‍රහණයට නතු වීමේ අවදානමක්‌ මතුවී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමය පවසයි.
නාඳුනන පුද්ගලයකු විසින් එවන ලද යොමුවක්‌ හරහා ෆේස්‌බුක්‌ අඩවි හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක්‌ යොදාගෙන ෆේස්‌බුක්‌ ගිණුමේ මුරපද සහ පරිශීලක නාමයන් ලබාගනිමින් මෙම කටයුත්ත සිදුකරන බව මේ වන විට හෙළිවී ඇතැයි ද එම සංගමය කියයි.

ඒ අනුව නාඳුනන පාර්ශ්වය අදාළ ෆේස්‌බුක්‌ ගිණුමට ඇතුළත් වී එහි ඊමේල් ලිපිනය හා මුරපදය වෙනස්‌ කරන අතර එමගින් ගිණුමේ හිමිකරුට එහි පාලනය නැතිවී යති.

මෙසේ නාඳුනන පාර්ශ්වයන්ගේ ග්‍රහණයට නතුවූ ෆේස්‌බුක්‌ ගිණුම් නැවත ලබා ගැනීමට නොහැකි බවද එම සංගමය කියයි.

බොහෝ අවස්‌ථාවලදී යම් පුද්ගලයකුගේ අසත්‍ය ඡායාරූප අඩංගු කර ෆේස්‌බුක්‌ ගිණුමක්‌ නිර්මාණය කර ඇති බැවින් එය ඉවත් කිරීම සඳහා ඔවුන් ලබාදෙන ෙµaස්‌බුක්‌ ගිණුමට පිවිසෙන ලෙස මෙම නාඳුනන පාර්ශ්වය දැනුම් දෙයි.

එම නිසා අදාළ තත්ත්වය ගැන අවධානයෙන් පසුවන ලෙස එම සංගමය ෆේස්‌බුක්‌ ගිණුම් ලාභීන්ගෙන් ඉල්ලා සිටියි.

එසේම ආරක්‍ෂක ක්‍රමවේද අවම ප්‍රමාණයක්‌ අනුගමනය නොකර තම ෆේස්‌බුක්‌ ගිණුමට අදාළ ආරක්‍ෂාවක්‌ සලසා ගන්නා ලෙසද සංගමය සිහිපත් කරයි.


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka