gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අස්සේ බලන්න ආපු කෙල්ලෙක් කරලා තියන වැඩක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගිය සතියේ පැවැති නවසීලන්ත - ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගය නැරැඹීමට කේරළ ගංජා ග්‍රෑම් 15ක් සමඟ ක්‍රීඩාංගණයට ඇතුළුවීමට යද්දී ගාල්ල පොලිසියේ නිලධාරීන් විසින් ක්‍රීඩාංගණ ප්‍රධාන ‍ෙදාරටුවේදී අත්අඩංගුවට ගත් කොල්ලුපිටියේ ජාත්‍යන්තර පාසලක සිසුවියක් රුපියල් 1500ක රජයේ ගාස්තු දඩ මුදලක් මත මුදාහැරීමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.
ටෙස්ට් තරගයේ සිවුවන දිනයේදී ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ප්‍රධාන ‍ෙදාරටුවේ සිදුකළ පරීක්ෂාවකදී මෙම සිසුවියගේ කලිසම් සාක්කුවේ රඳවාගෙන යමින් සිටියදී කේරළ ගංජා පැකැට්ටුව සොයාගෙන ඇති අතර ඇය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී ඇය සමඟ තවත් සිසුන් 12 දෙනකු ක්‍රීඩාංගණය වෙත පැමිණ ඇති බවටද කරුණු අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සිසුවිය බත්තරමුල්ලේ රජමල්වත්ත ප්‍රදේශයේ පදිංචි 22 වියැති සිසුවියක් බවටද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

ගාල්ල - තරිඳු භාග්‍ය විජේහේවා
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka