gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අප්‍රිකානු මහාද්වීපයේ උසම කන්ද තරණය කළ රංග හා සුදම් මෙරටට

අප්‍රිකානු මහාද්වීපයේ, ටැන්සානියාවේ පිහිටි කිලිමැන්ජාරෝ කඳුවැටිය තරණය කළ ශ්‍රී ලාංකික තරුණයකු 23 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්‌සේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය.

මෙම කඳුවැටිය ලෝකයේ හුදෙකලාව පිහිටි උසම ශේෂ කන්ද වන අතර, අප්‍රිකානු මහාද්වීපයේ ඇති උසම කන්ද ද වේ.

මෙම කඳුවැටිය තරණය කළ ශ්‍රී ලාංකික තරුණයන් වන 33 හැවිරිදි රංග මධුපත්ම ගඟබඩ ආරච්චි සහ 36 හැවිරිදි සුදම් ගමගේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුන් දෙදෙනෙකි.

 රංග දැනට ඔස්‌ටේ්‍රලියාවේ, මෙල්බර්න් නුවරත්, සුදම් එංගලන්තයේ මැන්චෙස්‌ටර් නුවරත් වෘත්තීය ගණකාධිකාරිවරුන් ලෙස සේවය කරමින් සිටිති.

 මෙම කඳු තරණයෙන් පසු යළි සියරට පැමිණි රංග මධුපත්ම 23 දින අලුයම 1.10 ට ඩුබායි සිට පැමිණි µaලයි ඩුබායි ගුවන් සේවයේ එµa. ඉසෙඩ්.- 557 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. ඔහු පිළිගැනීම සඳහා සිය දෙමාපියන් ඇතුළු ඥාති - හිතවතුන් පිරිසක්‌ ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

මෙහිදී සිය අත්දැකීම් විස්‌තර කළ රංග, අපි මේ කන්ද නගින්න 16 දා පටන් ගත්තා. මේ කන්ද අඩි 19,341 ක්‌ හෙවත් මීටර් 5,895 ක්‌ උසයි. මේ කන්ද දැනට අක්‍රිය ගිනි කන්දක්‌. ඒත් මීට වසර 200 කට විතර පෙර යම් විදාරණය වීමක ලක්‌ෂණ පෙන්නුම් කරල තියෙනවා. මෙම කිලිමැන්ජාරෝ කඳු වැටිය වර්ග කිලෝ මීටර් 756 ක්‌ පුරා පැතිරුණ, යුනෙස්‌කෝ සංවිධානය විසින් ද ආරක්‌ෂිත ස්‌ථානයක්‌ ලෙස නම් කරල තියෙන තැනක්‌.

 මේ කන්දෙ කිබෝ, මාවෙන්සි සහ ෂිරා කියල ප්‍රධාන කඳු මුදුන් තුනක්‌ තියෙනවා. එයින් උසම තැන කිබෝ කඳු මුදුනේ තියෙන උහුරු නැමැති ස්‌ථානයයි.

 විශාල ජෛව විවිධත්වයකින් යුතු, ප්‍රධාන දේශගුණික කලාප පහකින් සමන්විත මේ කඳු වැටියේ උසම තැනට දින පහක්‌ තිස්‌සේ නැගලා 20 දා අපි උහුරු වෙත ළගා වුණා.

 එතැන විනාඩි 10 කට වඩා ඉන්න අමාරුයි. හුස්‌ම ගන්න අවශ්‍ය ඔක්‌සිජන් අපිට ඇති තරම් එතැන නැහැ.

 ජර්මානු සහ ඇමෙරිකානු තරුණයන් කීප දෙනෙක්‌ ද මේ කන්ද නගින්න ඇවිත් හිටියා. පසුගිය මාසෙ මේ කන්ද නගින්න ආව තරුණයෝ හතර දෙනෙක්‌, කන්ද නගින අතරතුර දී මිය ගිහින් තිබුණා.

 අපිට හුඟාක්‌ ලොකු සහයක්‌ එරට මඟපෙන්වන්නන් ලබා දුන්නා යෑයි ද , මෙහිදී රංග මධුපත්ම පැවසීය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka