gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෆේස්බුක් යළි අවදානමක. තොරතුරු තාක්ෂණ සංගමය සිදුකළ අලුත්ම අනතුරු ඇඟවීම මෙන්න

අනාරක්ෂිත ෆේස්බුක් ගිණුම් හඳුනා නොගත් පාර්ශවයකගේ ග්‍රහණයට නතුවීමේ අවදානමක් මතුව ඇතිබව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා.

නාඳුනන පුද්ගලයෙකු විසින් එවන ලද යොමුවක් හරහා ෆේස්බුක් අඩවි හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් යොදාගෙන ෆේස්බුක් ගිණුමේ මුරපද සහ පරිශීලක නාමයන් ලබාගනිමින් මෙම කටයුත්ත සිදුකරන බවයි දැනට අනාවරණ වී ඇත්තේ.

 ඒ අනුව නාඳුනන පාර්ශවය අදාළ ෆේස්බුක් ගිණුමට ඇතුළත් වී එහි ඊමේල් ලිපිනය සහ මුරපදය වෙනස් කරන අතර, එමඟින් ගිණුමේ හිමිකරුට එහි පාලනය නැතිවී යනවා.

මෙසේ නාඳුනන පාර්ශවයන්ගේ ග්‍රහණයට නතුවූ ෆේස්බුක් ගිණුම් නැවත ලබාගැනීමට නොහැකි වන බවයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ප්‍රකාශ කළේ.

බොහෝ අවස්ථාවලදී යම් පුද්ගලයෙකුගේ අසභ්‍ය ඡායාරූප අඩංගු කර ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කර ඇති බැවින් එය ඉවත් කිරීම සඳහා ඔවුන් ලබාදෙන ෆේස්බුක් ගිණුමට පිවිසෙන ලෙස මෙම නාඳුනන පාර්ශවය දැනුම්දෙන බව සඳහන්.

එම නිසා අදාළ තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවට දැනුම් දෙන්නේ.

එසේම ආරක්ෂක ක්‍රමවේද අවම ප්‍රමාණයක් අනුගමනය නොකර තම ෆේස්බුක් ගිණුමට ඉහළ ආරක්ෂාවක් සළසා ගන්නා ලෙසද ඔවුන් සිහිපත් කරනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka