gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වරදකරු වුවහොත් අකිලට වසරක තහනමක් !

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීම යළිත් සැක සහිත බව ගාල්ල ටෙස්ට් තරගයේ විනිසුරුවන් විසින් තරග තීරකවරයාට දැනුම් දී තිබේ. ඒ අනුව දින 12 ක් ඇතුළත ඔහු පන්දු යැවීමේ ඉරියව් පරික්‍ෂණයකට මුහුණ දිය යුතු අතර එම පරීක්‍ෂණයෙන් අකිල වැරදිකරු වුවහොත් වසරක ක්‍රිකට් තහනමක් හිමිවේ.
මීට මාස දහයකට පෙරද අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් අයි.සී.සී.යට පැමිණිලි ලැබු අතර එහිදී ඔහු පන්දු යැවීමේ පරීක්‍ෂණයකට සහභාගි වී සිය නිවැරදි භාවය ඔප්පු කිරීම සඳහා නව ඉරියව්වක් සහිතව පන්දු යැවීම ආරම්භ කළේය. නමුත් ගාල්ල ටෙස්ට් තරගයේදී කඩුලු පහක් දවාගත් අකිල ධනංජයගේ එම ඉරියව්වද සැක සහිත බව ගාල්ල ටෙස්ට් තරගයේ තරග විනිසුරුවන් වූ එංගලන්ත ජාතිකයන් දෙදෙනා වන මයිකල් ජෝජ් සහ රිචඞ් ඉලින්ග්වොර්ත් විසින් තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට්ට පැමිණිලි කර තිබේ.

ගාල්ල ටෙස්ට් තරගයේදී කඩුලු පහක් ලබා ගැනීමෙන් පසුව අකිල ධනංජය ප්‍රකාශ කර සිටියේ, “අලුත් ඉරියව්වෙන් මම පන්දු යවන්න කැමැතියි. මගේ පොඩි වෙනස්කමක් විතරයි කළේ. දැන් වෙනදාටත් වඩා මට අවශ්‍ය විදිහට පන්දුව යවන්න පුළුවන් යනුවෙනි.”

පන්දු යවන්නකුගේ අත පන්දු යවන අවස්ථාවේදී නැවී දිග හැරෙන ප්‍රමාණය අංශ 15 ඉක්මවා යන්නේ නම් ඔහු පන්දුව දමා ගසන්නකු බවට පත්වේ. ඒ අනුව මීට පෙර අකිල ධනංජය අංශක 15 ඉක්මවා අත නවා දිග හරිමින් පන්දු යවා තිබෙන බවට ඔප්පු විය. නමුත් නව ඉරියව්ව අනුව අංශක 15 ට අඩුවෙන් ඔහු පන්දු යවන බවටද තහවුරු වූ අතර එම ප්‍රමාණය අංශය 14-15 ත් අතර ප්‍රමාණයකි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩකයන් සඳහා සකස් කර ඇති නීති මාලාව අනූව වසර දෙකක් ඇතුළත එකම චෝදනාවකට ක්‍රීඩකයකු වරදකරු වුවහොත් ඔහුට වසරක ක්‍රිකට් තරග තහනමක් පැනවෙනු ඇත. ඒ අනූව අකිල ධනංජය ඉදිරි දින කිහිපයේ ජෛව යාන්ත්‍රික් තක්සේරුවකින් සිය නිවැරදිභාවය ඔප්පු කිරීමේ පරීක්‍ෂණයකට මුහුණ දීමට සූදානමින් සිටියි.

2018 වසරේ දෙසැම්බර් මාසයේදී අකිලගේ පන්දු යැවීමේ නීත්‍යානුකූල නොවන බවට තහවුරු වීමෙන් පසු ඔහු යළිත් සිය නිවැරදි ඉරියව්ව සමගින් පන්දු යැවීම ආරම්භ කරමින් සහභාගි වූ පළමු ටෙස්ට් තරගයේදීම එම චෝදනාවට හසුවිය.

25 හැවිරිදි අකිල ධනංජය ටෙස්ට් තරග හයකදී කඩුලු 33 ක් දවාගෙන ඇති අතර එහිදී ඔහුගේ කඩුල්ලක් ලබා ගැනීමේ සාමාන්‍ය 24.81 කි. පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කිරීමෙන් පසුව අකිල ධනංජය පසුගියදා බංග්ලාදේශය සමග පැවැති එක්දින තරගාවලියටද සහභාගි වු අතර එහිී ඔහුට කිසිම චෝදනාවක් එල්ල නොවුණි. කෙසේ වෙතත් එක්දින තරග 36 කදී කඩුලු 51 ක් දවා ගැනීමටද අකිල සමත්ව තිබේ.

අකිලගේ තැන ඩිල්රුවන්ට

පන්දු යැවීමේ පරීක්‍ෂණයකට සහභාගි වීමට අකිල ධනංජයට සිදුවීම නිසා හෙට නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ඔහු වෙනුවට ඩිල්රුවන් පෙරේරා ක්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාවක් ඇති බව වාර්තා වේ. ඩිල්රුවන් පෙරේරා ආබාධයකින් පසු වුවද ඔහුගේ ආබාධය මේ වන විට සුව වී ඇති බැවින් හෙට තරගය සඳහා ක්‍රීඩා කිරීමට මේ වන විටත් පුහුණුවීම් අරඹා තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka