අගුණකොළපැළැස්ස බන්ධනාගාරයේ සිරදඩුවම් විදින හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර නැමැත්තා හදිසියේ රෝගාතුර වී තංගල්ල රෝහලට ඇතුළු කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග කියයි.
2014.04 017 වැනිදා හම්බන්තොට වරාය නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඔහුට වසර 5ක සිර දඩුවමක් නියම කෙරුණි.
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ එච් වාට්ටුවේ ආරක්ෂක රැකවල් මැද සිර මැදිරි වසා දමා සිටි බව කියන හිටපු නගරාධිපතිවරයා හදසියේ අසනීප වී තිබිණි. මොහු විශේෂ ගණයේ අපරාධකරුවෙකු ලෙස නම් කර සිටින බවද වාර්තාවේ.
හම්බන්තොට හිටපු නගරාධිපති බන්ධනාගාරයෙන් රෝහලට
2019-08-19T16:30:00+05:30
Gossip Lanka Hot News
slide|