gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇෆ්ගනිස්තානයේ දහසකට අධික පිරිසක් සිටි මංගල ශාලාවේ මරාගෙන මැරෙන පිපිරීමක් 63 ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර විවාහ මංගල උත්සවයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 63 දෙනෙක් මියගොස් තවත් 180 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම බෝම්බ පිපිරීම සිදුව ඇත්තේ ෂියා මුස්ලිම්වරුන් බහුලව සිටින ප්‍රදේශයක් තුල වන අතර සිද්ධිය ඇසින් දුටුවෙක් ප්‍රකාශ කර ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් විසින් මංගල උත්සවය පැවති ශාලව තුලදී බෝම්බය පුපුරුවා ගත් බවයි.
පිපිරීම සිදුවන අවස්ථාවේ මංගල ශාලාවේ 1000 කට ආසන්න පිරිසක් සහභාගීවෙමින් සිට ඇත.
මෙම බෝම්බ ප්‍රහාරයේ වගකීම තාලේබාන් සංවිදානය භාරගත යුතු බව ඇෆ්ගන් නායකයා ප්‍රකාශ කළත් එය තමන්ගේ ක්‍රියාවක් නොවන බවට තලේබාන් සංව්ධානය ප්‍රතික්ෂේප කර තිබේ.
එහි වගකීම මේ දක්වා කිසිවකු බාරගෙන නොමැත.
මෙම පිපිරීම සිදුවන්නේ තලේබාන් සංවිධානය සමග ඇමරිකානු ජනපති ට්‍රම්ප් සාම සාකච්ඡා සඳහා දෑත් දිගුකළ අවස්ථාවක වීම විශේෂිතය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka