gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුතාගේ හදිසි මරණය බලන්නට ආ නැන්දාත් හදිසියේ මියගිහින්

රාත්‍රි ආහාරයට ගෙන නින්දට ගිය අයකු පසු දින උදෑසන අවදි කිරීමේදී නිදි ඇඳේ මියයාමෙන් පසු එකී මළ ගෙදරට පැමිණි ඔහුගේ නැන්දා එනම් ඔහුගේ පියාගේ සහෝදරීය ක්ලාන්ත වී රෝහල්ගත කළ පසු මිය ගිය සිද්ධියක් රස්නායකපුරින් වාර්තාවේ.
මෙසේ මියගොස් ඇත්තේ රස්නායක පොලිස් වසමේ හළඹේ පදිංචි 53 හැවිරිදි අතපත්තු මුදියස්ලාගේ ජයතිලක නමැති විවාහක අය හා ඔහුගේ නැන්දා වන 70 හැදි අතපත්තු මුදියන්සේල්ලාගේ සිටම්මා නමැති මවකි.

වෘත්තියෙන් රියදුරකු වූ මියගිය අය අඟහරුවාදා  දින වැඩ නිම කර නිවෙසට පැමිණ ආහාර ගෙන රාත්‍රි 10ට පමණ නිදාගෙන ඇති බවත් පසු දින බිරීඳ වැඩට යෑම සඳහා ඔහුව අවදි කිරීමට ගිය අවස්ථාවේදී නිදි ඇඳේ ඔහු මියගොස් ඇති බවත් අනාවරණය වී ඇති බව පොලීස් පරීක්‍ෂණවලදී අනාවරණය කරගෙන තිබේ.

එම මරණය සැලවී මියගිය අයගේ පියාගේ සහෝදරිය (නැන්දා ) බදාදා දින පස්වරුවේ පැමිණි බවත් අධික කම්පනයෙන් සිටි ඇය මළ ගෙදර නැවතී සිටියදී බ්‍රහස්පතින්දා අලුයම හතරට පමණ අවදි වී ක්ලාන්ත බව පැවසීමෙන් පසු නිකවැරටිය රෝහල වෙත ඇතුළත් කළ පසු ඇය ද මියගිය බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇත.

බ්‍රහස්පතින්දා දින නිකවැරටිය රෝහලේදී අධිකරණ වෛද්‍ය එස්.යු. රත්නායක මහතා පරික්ෂණ සිදුකිරීමෙන් පසු ජයතිලක යන අය ක්‍ෂණිකව ඇති වූදයාබාධයකින් මියගොස් ඇති අතර සිටිමිමා යන අය එම කම්පනය නිසා හටගත් හදයාබාධයකින් මියගොස් ඇති බවට තීරණය කෙරිණි.
කොබෙයිගන්නේ - ධර්මසේන රණසිංහ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka