gossip lanka

රසල් බංග්ලාදේශ පුහුණුකරු තනතුරට - හතුරුට බංග්ලාදේශයත් නැතිවෙයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස රසල් ඩොමින්ගෝ පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහුගේ ධුර කාලය වසර දෙකක කාලයක් සඳහා වලංගු වන බවයි එරට ක්‍රිකට් ආයතනය පවසන්නේ.

ලබන 21 වැනිදා සිට ඩොමින්ගෝ බංග්ලාදේශ කණ්ඩායම සමඟ කටයුතු කිරීමට නියමිතයි.

මිට පෙර රසල් ඩොමින්ගෝ දකුණු අප්‍රිකාවේ ප්‍රධාන පුහුණුකරු ලෙසයි කටයුතු කළේ.

මෙවර බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකාර ධුරය සඳහා මයික් හෙසන් සහ මිකී ආතර් තරඟ කළා.

ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය දැරූ චන්දික හතුරුසිංහ ද පුහුණුකාර ධුරය සඳහා තරඟ කිරීමට නියමිත බව වාර්තා වුණා.

චන්දික හතුරුසිංහ මිට පෙර ද බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසකටයුතු කළා.
gossip lanka