gossip lanka

නන්පෙරියල් නග්රැක් සහ බේකර්ස් බෙන්ස් සංචාරක කලාපයට යන පාර වහලා !

බලන්ගොඩ  මැතිවරණ කොට්ඨාශායට අයත් ඉඔුල්පේ ප්‍රදේශිය සභා බල ප්‍රදේශයේ  ඇති නන්පෙරියල්  නග්රැක් සහ  බේකර්ස් බෙන්ස් සංචාරක ප්‍රදේශය නැරඹීමට පැමිණෙන ජනතාව  දීර්ඝ කාලයක  සිට  මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක්  බවට පත්ව තිබෙන්නේ  එම මාර්ගය  නන්පෙරියල් ප්‍රදේශයෙන් ගේට්ටුවක්  දමා  අවහිර කර තිබිම බව  ජනතාව  සදහන්   කර සිටිති.
මුහුදු  මට්ටමේ සිට  අඩි   හත්දහසක පමණ  උසකින්  පිහිටා  ඇති  අති  සුන්දර  ගම්මානය වන නග්රැක් ගම්මාන  නැරබීම සදහා  විශාල පිරිසක් පැමිණි බව ජනතාව පවසති. මේ අතර  ඒ ප්‍රදේශය  ආශ්‍රිතව ඇති බේකර්ස් බෙන්ස්  කලාපයද  සංචාරකයින්ගේ  නෙත ගැටෙන තවත්  ස්විශේෂි ස්ථානයකි.  එම මාර්ගය අවහිර කිරිම හේතුවෙන්  එම  සංචාරක  කලාපය   නැරඹීම  සදහා  පැමිණෙන  සංචාරකයින්   මෙන්ම  නග්රැක් ගම්මානට  යන  ජනතාව දැඩි  අපහසුතාවයට පත්වෙන  බව ජනතාව   සදහා  කරති.

නග්රැක්  ගම්මාන  නැරබීම  සදහා  විශාල  පිරිසක්  පැමිණි  බව ජනතාව සදහන්  කරති.  රජය  මගින් මහජනතාවගේ බදු  මුදල්  රැපියල්  කෝටි  ගණනක්  වැය කර  සංවර්ධන  කර තිබෙන  මාර්ගයේ මහජනතාවට නිදහසේ  ගමන්  කරිමට නොදිම කනගාටුවට  කරැණක්  වි  ඇති  බව  ජනතාව කියති.මෙම මාර්ගයේ  ගමන් කර  බාදාවකින්  තොරව  එම සංචාරක කලාපය නැරබීම සදහා  පහසුකම් සලසන ලෙස ජනතාව ඉඔුල්පේ ප්‍රදේශිය සභාවේන්  ඉල්ලා  සිටිති.

ජනතාව කරන චෝදනාව සම්බන්දයෙන් ඉඔුල්පේ ප්‍රදේශිය සභාවේ සභාපති ශ්‍රී ලාල් සෙනරත් මහතාගෙන් කල විමසිමකදි ඒ මහතා  මෙසේ පැවැසිිය.

බලන්ගොඩ  නන්පෙරියල් නග්රැක් මාර්ගය  අවහිර  කිරිම  නිසා මේ වන විට  විශාල  ජනතාව  විශාල අපහසුතාවයටකට පත් වෙලා  තිබෙන එක මම පිලිගන්නාවා. සබරගමු පලාත්  හිටපු  ප්‍රධාන අමාත්‍ය  මහිපාල හේරත්  මහතාගේ  ප්‍රධානත්වයෙන්  රැපියල් කෝටි ගණනක මුදල්   වැය කරල නන්පෙරියල්  මාර්ගය  සංවර්ධන කරල දැනට වසර ගණනක් වෙනවා. ඉතිරි  කොටස නියෝජ්‍ය අමාත්‍ය කරැණාරත්න පරණවිතාන  මහතාගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන කලා. මේක සබරගමු පලාත් සභාවේ  සංචාරක අමාත්‍යය මගින්  නම්  කරල තිබෙන සංචාරක ප්‍රදේශයක්. හිතු මතේට  කාටවත්  මෙහෙම  පාරවල්  වහ ගෙන  ඉන්නෙ  පෞද්ගලික  පාරක් නෙවෙයි. නන්පෙරියල්  වතු  යායේ  විසින්  තමයි  මෙම   මාර්ගය  අවහිර  කරල  තිබෙන්නේ. ප්‍රදේශිය  සභාව   දිර්ඝ කාලයක සිට මේ ගේට්ටුව ඉවත්  කරන  කියලා  අදාල නන්පෙරියල් වතු  යායට දැනුම්  දිම්  කලා. ඒත්  ඒ අය ඒක කරන්නෙ නැහැ. දැනට  කාලයකට පෙර රත්නපුර දිස්ත්‍රික්  දිසාපතිනි  වැවිලි කර්මාන්තය අමාත්‍යාංශයට ලිපියකින්  දැනුම්  දිල තිබෙනවා  මෙම මාර්ගය  අවහිර  නොකර ලෙසට. ඒක  ඒ අය   නොසලකා හැරල තිබෙනවා. මේ සම්බන්දයෙන් දිගින් දිගටම ජනතාවගෙන්  චෝදනා  ලැබෙනවා. මම ඉඔුල්පේ ප්‍රදේශිය සභාවේ සභාපති වරයා  විදිහට පසු  ගිය  සභා  වාරයේ දි   සභාවේ  සියලුම  මන්ත්‍රීවරැගේ  ඒකමතික  කැමැත්ත  මත යෝජනාවක්  සම්මත  කර ගත්තා  මහජතාවට සිදුවන  පිඩාවට එරෙහිව   නිිතිමය  පියවර  ගැනිම සදහා  කටයුතු   කරන්න. මෙිි සටන  ඉඔුල්පේ ප්‍රදේශිය සභාව ලෙස අපි  නතර කරන්නෙ  නැහැ. මොන ක්‍රමයකින්  හරි ජනතාවට සිදුවන පිඩාවට  විසදුමක්  දෙන්න  අපි   බැදිල ඉන්නවා යැයි ඒ  මහතා  වැඩිදුරටත් පැවැසිිය.

බලන්ගොඩ නලින්ද වලේබොඩ
gossip lanka