gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සෝපානය හදන්න පැමිණි තරුණයා එහිම ගෙල වැලලාගෙන මිය යයි

නව රෝහලේ හෙද පුහුණු ඒකකයේ සෝපානය තුළ ගෙල වැලලාගෙන පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඉකුත්දා පෙරවරු 11ට පමණ මෙම තරුණයා කඹුරුගමුව රෝහලේ හෙද පුහුණු පාසලේ සෝපානයක් අලුත්වැඩියාවට පැමිණි අතර තෙවන මහලේ සෝපානයේ කොටස් ගලවා අලුත්වැඩියාව අර්ධ වශයෙන් සිදුකර සිටින අතරතුර මෙම මරණය සිදුව තිබේ.
මේ අතර මෙම මරණය සිය දිවි හානිකර ගැනීමක්ද, එසේත් නොමැතිනම් මිනීමැරුමක්ද යන්න සැක පළ කරන බව කොටවිල පොලිසිය පවසයි.

මියගිය තරුණයා අසල ජංගම දුරකථනයක පටිගත වන ආකාරයක සිය දුරකථනය තිබූ බවත් ස්වයංක්‍රිය අගුළු වැටීම නිසා පොලිසියට එය විවෘත කර ගැනීමට නොහැකි වී තිබේ. මෙම පුද්ගලයා සන්තකයේ තිබූ ජාතික හැඳුනුම්පතේ නම සඳහන් ආකාරයට පොලිසිය හඳුනාගෙන ඇත්තේ ආරුකට්ටු පටබැඳිගේ ඉන්දික එරංග ද සිල්වා යනුවෙනි. ඔහු 28 වියේ පුද්ගලයකු වන අතර බැරගම අම්බලන්තොට පදිංචිකරුවෙකි. ඔහු සන්තකයේ තිබූ දුරකථන අංකයකට පොලිසිය ඇමතුමක් ලබාදී ගත් තොරතුරුවලට අනුව මෙම මියගිය පුද්ගලයා විවාහකයකු වන අතර මේ වනවිට දික්කසාද නඩුවක් විභාග වන බවද හෙළිිකරගෙන ඇත.  එසේම අනියම් ඇසුරක් සම්බන්ධයෙන්ද පරීක්ෂණ කරන පොලිසිය මරණය හා සම්බන්ධයක් ඇත්දැයි සැක පළ කරයි.



උදය කුමාර රණවීර
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka