gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉඩමේ ඔප්පුව නිසා සහෝදර සහෝදරියෝ ගුටි කෙලියක

සිය නිවසේ තිබු ඉඩමේ ඔප්පුව සොරකම් කරගෙන ගියා දැයි විමසා සිටි අවස්ථාවේදී බාල සහෝදරයා විසින් පුටුකින් පහර දුන්නා යැයි පවසා කාන්තාවක් ඉයර්  දා කෑගල්ල මහ රෝහලට ඇතුළත් වී නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

මෙලෙස කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවකි.


කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කාන්තාව පදිංචිව සිටින ඉඩමේ දැනට විදේශ ගතව සිටින වැඩිමහල් සහොදරියත් බාල සහොදරයත් වෙන වෙනම නිවාස තනාගෙන පදිංචිව සිටියි. රෝහලේ ප්‍රතිකාර ලබන කාන්තාවගේ නිවසේ මුළු ඉඩමටම අයත් ඔප්පු තබාගෙන සිට තිබුණි. බාල සහොදරයා අවස්ථා කිහිපයකදී ඉඩමේ ඔප්පුව ඉල්ලා ඇති අතර සහොදරිය ඔප්පුව දී නොතිබුණි. මීට දින කිහිපයකට ඉහතදී මුළු ඉඩමටම අයත් ඔප්පුව සහොදරියගේ නිවසේ මේසයක ලාච්චුවක තබා තිබියදී බාල සහොදරයා සොරකම් කර ගෙන ගොස් තිබුණි.

පසුව ඊයේ (21) දා කාන්තාවගේ නිවසේ මේසයේ ලාච්චුවේ ඉඩමේ ඔප්පුව  නොමැති බව දැන ගැනීමෙන් පසුව අසල පදිංචිව සිටින  බාල සහොදරයාගේ නිවසට ගොස් ඔප්පු සොරකම් කරගෙන ගෙනාවා දැයි විමසා ඇත. පසුව බාල සහොදරයා ප්‍රකාශ කර ඇත්තේ ඉඩමේ ඔප්පුව තියෙනවා විදේශ ගතව සිටින අක්කාගෙන් විමසා දිය යුතු බවත් පසුව ඔහු නිවසේ තිබු පුටුවකින් ද පහරදී බෙල්ලද මිරිකා නිවසින් එලවා දමා තිබුණි. පසුව තුවාලකාරිය රඹුක්කන පොලීසියට දුවගෙන පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර රඹුක්කන  රෝහලට ඇතුළත් කර තිබුණි.පසුව  වැඩිදුර ප්‍රතිකාර සදහා කෑගල්ල මහ රෝහලටත් මාරැ කර එවා තිබුණි.සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

චමින්ද ජයලත්
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka