gossip lanka

දෙවන වතාවටත් "රත්තරන් ඉබ්බා"හිරෙන් පනී

තංගල්ල පොලිසිය විසින් අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ගෙන ඊයේ22 පස්වරුවේ තංගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තංගල්ල  මහෙස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග  කළ ගුණසේකර ආරච්චි පටබැදිගේ ඉෂාන් මධුෂාන් නොහොත්ර න්න ඉබ්බා  බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයට ගැනීමට ගැනීමට යාමත් සමගම අසල  තිබූ ජනේලයකින් පැන බන්ධනාගාරය වට කර තිබූ  ආරක්ෂක තාප්පයෙන් ද පැන පලා ගොස් තිබෙනවා.


ඉෂාන් මධුෂාන් නොහෙත් රන්න ඉබ්බා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මීදී පලාගොස්  ඇත්තේ දෙවන වතාවටය.

මෙයට පෙර ද බන්ධනාගාරගතව සිටි ඉබ්බා තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බන්ධනාගාර නිලධාරීන් ගෙන් මිදී පලා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට තංගල්ල පොලීසිය සෝදිසි මෙහෙයුමක්  ආරම්භ කර තිබෙනවා.

තරිදු භාග්‍ය විජේහේවා
gossip lanka