gossip lanka

අද සිට පාසැල් සිසුන්ට කිරි පැකට්ටුවක් නොමිලේ !

පලමු වසර සිට 05 වසර දක්වා වූ පාසල් සිසුන්ට අද සිට දිනපතා උදෑසන දියර කිරි පැකැට්ටුවක් ලබා දීම සිදු කෙරෙයි.

මෙම වැඩපිලිවෙල අද දිනයෙ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වන්නේ කලවාන කජුගස්වත්ත විදුහලේදීය.
මෙහිදී සිසු දරුවන්ට ලබා දෙන්නේ ප‍්‍රමිතිගත දියර කිරි පැකැට්ටුවක් බැගිනි.

වැඩසටහන ක‍්‍රියාත්මක කරනු ලබන්නේ ජනාධිපති කාර්යාලය මගින් ක‍්‍රියාත්මක ‘ග‍්‍රාමශක්ති’ ව්‍යාපෘතිය, අධ්‍යාපන අමාත්‍යාංශය හා පශූ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය එක්වයි.
gossip lanka