gossip lanka

සංගා, මහේල ඇතුළු ක්‍රිකට් ප්‍රවීණයන්ගේ ක්‍රිකට් ගොඩගන්න යෝජනාව අද පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ යෝජනාවලිය අද පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, රොෂාන් මහානාම සහ සිදත් වෙත්තමුණිගේ අදහස් හා යෝජනා අනුව මෙම සංශෝධිත ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලිය සකස් කර ඇති බව සඳහන්.


ඊට අදාළ යෝජනාවයි අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ.

අදාළ යෝජනාව සති දෙකකින් පමණ පසු පාර්ලිමේන්තුවේ විවාද කොට සම්මත කර ගැනීමෙන් අනතුරුව අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතයි.
gossip lanka