gossip lanka

2019 ක්‍රිකට් ලෝක ශුරයන් එංගලන්තය ද නවසීලන්තය ද ? තීරණය අද

සති හයක් පුරා පැවති තරඟ 47කින් අනතුරුව 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරඟය අද දින සත්කාරක එංගලන්තය සහ නවසිලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. මෙම කණ්ඩායම් දෙකම මිට පෙර එකඳු ලෝක කුසලානයක් හෝ ජයග්‍රහණය කර නොතිබීම විශේෂත්වයක්.


අවසන් තරඟය අද ලංකාවේ වේලාවෙන් සවස 3ට එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී පැවැත්වීමට නියමිතයි.

වසර 44ක් පුරා ක්‍රිකට් ලෝක කුසලානයක් දින ගැනීමට නොහැකි වූ එංගලන්තයට ඓතිහාසික ලෝඩ්ස් පිටියේදීම ඔයින් මෝගන් ගේ නායකත්වය යටතේ එය දින ගැනීමට අවස්ථාව උදා වී ඇත්තේ කෙන් විලියම්සන් ගේ නායකත්වයෙන් තරඟවදින නවසීලන්තයට එරෙහිවයි.

1996 දී ශ්‍රී ලංකාව ලෝක කුසලානය ජය ගැනීමෙන් පසු 2015 දක්වාම එම ගෞරවය ලැබුනේ ඔස්ට්‍රේලියාවට සහ ඉන්දියාවට වුවත් මෙවර එම අවස්ථාව කණ්ඩායම් දෙකටම අහිමිව ගොස් තිබෙනවා.

2015 දී අපි හිටියේ අපේක්‍ෂිත ඉලක්කයෙන් බොහෝ දුර ඈත. හොඳ කණ්ඩායම් එක්ක විතරක් නෙමේ, ඊට පහළින් හිටපු අය එක්තත් තරග කරන්න ගිහින් අපි අමාරුවේ වැටුණා.....ඒ නිසා ඕවර 50 තරග වලදී අප ක්‍රීඩා කළ ආකාරයේ ප්‍රබල වෙනස්කම් කරන්න අපට සිද්ධ වුණා” යයි අවසන් පූර්ව තරගයේදී ඕස්ට්‍රේලියානු පිල පරාජය කිරීමෙන් පසුව මෝගන් එසේ පවසා තිබුනා.

එංගලන්තය තමන් මුහුණ දුන් අවසන් තරඟ 5න තුනක් ජයගෙන සිටින අතර නවසීලන්තය ජයගෙන ඇත්තේ තරඟ දෙකක් පමණයි.
gossip lanka