gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මිරිස්සේ යාත‍්‍රාවක මත්ද්‍රව්‍ය සාදයක් - තරුණ තරුණියන් 12ක් අත්අඩංගුවට

මිරිස්ස මුහුදු ප‍්‍රදේශයේ ධීවර යාත‍්‍රාවක සංවිධාන කර තිබූ සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 12දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර කාන්තාවන් 03දෙනෙකු ද වන බවයි පොලීසිය පැවසුවේ. මෙම සාදය සම්බන්ධයෙන් ලද තොරතුරක් අනුව මාතර කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සහ සැකකාරියන් තිදෙනා සතුව තිබී හෙරොයින්, අයිස් සහ හෂීස් මත්ද්‍රව්‍ය සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ. කේරළ ගංජා, මුද්දර සහ හඳුනා ගෙන නොමැති මත්පෙති 05 ක්ද, ඔවුන් සතුව තිබී සොයා ගත් බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මෙම පිරිස අවුරුදු 20 ත් 26 ත් අතර වයස් සීමාවල පසුවන පුද්ගලයින් බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගැනුණු මෙම පිරිස ගාල්ල, කුරුණෑගල, හෝමාගම, මොරටුව, ගණේමුල්ල, වත්තල, කැලණිමුල්ල, රත්මලාන, මාකොල, මාතර සහ වැලිගම යන ප‍්‍රදේශවල පදිංචිකරුවන්. මොවුන් මාතර මහේස්ත‍්‍රාත්වරයා වෙත අද (14) ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka