gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

Windows 7 විශ‍්‍රාම යයි - Update අවසන් !

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

2009 වසරේ නිකුත් කරන ලද මයික්‍රොසොෆ්ට් වින්ඩොව්ස් 7 මෙහෙයුම් පද්ධතිය 2020 ජනවාරි 14 වන දින විශ්‍රාම යාමට නියමිතය.


ලොව පුරා වැඩිපුරම භාවිතා වන දෙවන පරිගණක මෙහෙයුම් පද්ධතිය ලෙස දිගටම පවතින වින්ඩෝව්ස් 7 Service Pack 1 ස්ථාපනය කර ඇති පරිගණක සඳහා 2015 ජනවාරි 13 වන දින ප්‍රධාන ධාරාවේ සහාය අවසන් විය.

Service Pack 1 නොමැති වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය හට 2013 අප්‍රේල් 9 සිට සහාය මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් නොලැබුනු අතර කෙසේ වෙතත්, වින්ඩෝව්ස් 7 Service Pack 1 වෙත සහාය ලබාදීමක් ලෙස මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් ආරක්ෂක යාවත්කාලීනයන් ලබාදුන්නද මෙම යාවත්කාලීනයන් තුල කිසිදු නව අංගයක් වින්ඩොව්ස් 7 SP1 මෙහෙයුම් පද්ධතියට ඇතුළත් කර නොමැත.

වින්ඩෝව්ස් 7 SP1 මෙහෙයුම් පද්ධතියද 2020 ජනවාරි 14 වන දින විශ්‍රාමික මෙහෙයුම් පද්ධතියක් ලෙස නිල වශයෙන් ලැයිස්තුගත වීමට නියමිත අතර එයින් අදහස් වන්නේ වින්ඩෝව්ස් 7 SP1 මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන පරිගණක සඳහා ඉදිරියේදී කිසිදු ආරක්‍ෂිත යාවත්කාලීනයක් මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ලබානොදෙනු ඇති බවය.

ලොවපුරා මෙන්ම ශ්‍රී ලංකාවෙත් තවමත් වින්ඩොව්ස් 7 මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක වන පරිගණක විශාල වශයෙන් පවතින අතර වින්ඩෝව්ස් 7 SP1 මෙහෙයුම් පද්ධතිය තවත් මාස හයකින් පසුව ආරක්‍ෂිත යාවත්කාලීන නොමැතිව සයිබර් ප්‍රහාරයන් වලට ගොදුරුවීමේ ඇති අවදානමක් පවතින නිසා එම අවදානමෙන් මිදීමට ඉදිරි මාස හය ඇතුලතදී එම පරිගණක වින්ඩොව්ස් 10 හෝ වින්ඩොව්ස් 8.1 මෙහෙයුම් පද්ධතිය දක්වා යාවත්කාලීන කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාව දැනුවත් කරමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka