gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔක්තෝබර් 8 වැනිදා - ජී.එල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔක්තෝබර් 8 වැනිදා කොළඹදී එළිදක්වන බව එම පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඊයේ (15) පැවසීය.

පීරිස් මහතා මේ බව කියා සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.


විවිධ කේෂ්ත්‍ර නියෝජනය වන ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටු 29 ක් විසින් තම පක්‍ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරමින් සිටින බවත්, මේ මස අවසන් වනවිට ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස්කර අවසන් කරන බවත් ඔහු කීය.

ලබන මස මුල් සති දෙක තුළ මහජන සංවාදය සදහා එය ඉදිරිපත් කරන බවද මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

පළාත් සභා මැතිවරණය පවත්වන මුවාවෙන් ජනාධිපතිවරණය කල් දැමීමට ඉඩ නොතබන බවද ඔහු කීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka