gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වාරියපොළ පාසලක දුන් කිරි පැකට් පානය කළ සිසුන් 28ක් රෝහලේ !

පාසලෙන් ලබාදුන් කිරි පැකට් පානය කිරිමෙන් රෝගාතුර වූ වාරියපොල හේරත්ගම විද්‍යාලයේ දරුවෝ 28 දෙනෙක් ඊයේ (24) දහවල් වාරියපොල රෝහලට ඇතුළත් කරනු ලැබූහ. උදරයේ වේදනාව සහ වමනය හේතුවෙන් මෙම දරුවන් රෝහලට ඇතුළත් කළ බවත්, කිසිවකුටත් බරපතළ තත්වයක් නොමැති බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
දරුවන් කිරි පානය කිරිමෙන් මද වේලාවකට පසු ඇතිවූ රෝගී තත්වය හේතුවෙන් 1990 ගිලන් රථ සේවයේ නිකවැරටිය සහ වාරියපොල ගිලන් රථවලින් ඔවුන් වාරියපොල රෝහලට ගෙනැවිත් තිබිණි.

 මෙම විද්‍යාලයේ සිසුන් 300කට පමණ ඊයේ දිනයේදී කිරි පැකට් ලබාදී තිබුණත් 5 වසර සිසුන්ට පමණක් මෙසේ රෝගී ලක්ෂණ මතුවී තිබිණි.කාලයක සිට මෙම විද්‍යාලයේ සිසුන්ට කිරි පැකට් ලබාදීම සිදුවුවත් ඊයේ (24) වෙනත් වර්ගයක කිරි පැකට් දුන් බවත්, මෙම කිරි පැකට් වල කල් ඉකුත්වීමේ දිනය වශයෙන් මාය හතරකටත් වඩා ඉදිරි දිනයක් දක්වා තිබීම ගැටලුවක් බවත් මවුපියෝ කියති.

 -රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka