gossip lanka

මුදල් ගෙවා නෑ - දක්‍ෂිණ අධිවේගයේ වැඩ නවත්වයි !

හම්බන්තොට දක්වා ඉදිකරමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ඊයේ දිනයේ සිට අත්හිටුවා තිබේ.

එහි උප කොන්ත්‍රාත් කරුවන්ට චීන සමාගම විසින් මුදල් ගෙවීම පැහැර හැරීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බව වාර්තා වෙයි.


අධිවේගී මාර්ගයේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු වන චීන සමාගම් දෙකට රජය විසින් මුදල් නොවීමෙන් මෙම අර්බුදය උද්ගතව ඇතැයි උප කොන්ත‍්‍රාත්කරුවන් සඳහන් කරති.

ඉදිකිරීම් කටයුතු නතරකර ඇති කොටස තුළ පමණක් දේශීය උපකොන්ත්‍රාත්කරුවන් පනස් දෙනෙකු පමණ සිටින අතර කම්කරුවන් දෙසීයකට ආසන්න පිරිසක් සේවයේ යෙදී සිටී.
gossip lanka