gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යාපනයේ හින්දු කෝවිලක් බිමට සමතලා කරයි

යාපනය චුණ්ඩික්කුලි ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලකට ඊයේ (25) රාත්‍රියේ ඇතුල් වූ පිරිසක් විසින් අදාල කෝවිල සම්පූරණයෙන්ම කඩා දේව රූපද විනාශ කොට පලා ගොස් ඇති බවට ප්‍රදේශවාසීන් පවසති.


චුණ්ඩික්කුලි මූලායි මාර්ගයේ පිහිටි ශ්‍රී වයිරවර් හින්දු කෝවිල හා දේව රූප මෙසේ විනාශ කොට ඇති අතර කෝවිලේ සියලුම බිත්ති බිමට සමතලා කොට දේව රූප  කිහිපයක් විනාශ කොට තවත් දේව රූප කිහිපයක් රැගෙන ගොස් ඇත.

කෙසේ වෙතත් අදාල කෝවිල අවට ප්‍රදේශවාසීන් පවසා සිටියේ කෝවිලේ ප්‍රධාන පූජක වරයා  හා තවත් පිරිසක් අතර ඇති ආරවුල් දුර දිග යාමෙන් මෙම සිදුවීම සිදුව ඇති බවටත් විශාල පිරිසක් වන්දනාමාන සිදු කරන ලද කෝවිල කඩා විනශා කරවුන්ට එරෙහිව නීතිමය පියවර වහාම ගත යුතු බවටත්ය.

අදාල කෝවිල කඩන ලද පුද්ගලයින් කව්රුන්ද යන්න මෙතෙක් හෙලි වී නොමැති අතර යාපනය පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් අරඹා ඇත.

මීට පෙරද යාපනය දිස්ත්‍රීක්කයේ ස්ථාන කිහිපයක කිතුනු දේව සුරුවම්ද කිසියම් පිරිස් විසින් කඩා විනාශ කිරීම් කිහිපයක් වාර්ථා වී ඇති බවටද යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka