gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විශේෂ කාර්ය බලකා නිලධාරීන් කැලෑවකින් පීඩන බෝම්බ 4ක් සොයාගෙන

යාපනය වඩුක්කෝඩේ  පොලිස් වසමේ, පොන්නාලේ ප්‍රදේශයේ සෝදිසී මෙහෙයුමක් කළ විශේෂ කාර්ය බලකා යේ නිලධාරීන් විසින්  28 දා  කැලෑවක් තුළ තිබී පුද්ගල නාශක පීඩන බෝම්බ 4ක් සොයා ගෙන තිබේ.

මෙම බෝම්බ එල්. ටී. ටී සාමාජිකයින් විසින් යුද සමයේදී භාවිත කරණ ලද බෝම්බ බවට පොලිස් විශේෂ කාර්ය බලකාය විශ්වාස කරයි.
මේ බෝම්බ සමග ඒවායෙහි අයිතිකරුවන් සොයා ගැනීමට  නිලධාරීන්ට හැකි වී නොමැති අතර ඔවුන්ට ලබුණු තොරතුරක් මත මේ ප්‍රදේශයේ සෝදීසි මෙහෙයුම දියත් කොට මේ පීඩන බෝම්බ 4  සොයා ගෙන තිබේ.

එම බෝම්බ විනාශ කිරීම සඳහා උසාවි නියෝග ලබා ගැනීමට වඩුක්කෝඩේ පොලිස් ස්ථානය වෙත ඒවා ඉදිරිපත් කොට තිබේ.

වඩුක්කෝඩේ පොලිසිය හා  යාපනය කදවුරේ  පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් මේ පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

වවුනියාව- රසාදි චතුරංගි ගමගේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka