gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඊ-මේල් මගින් මුදල් ඉපයීමේ ජාවාරමක් ගැන හෙළිවෙයි

ඊමේල් පණිවිඩ හරහා ජනතාව රවටා මුදල් එකතු කිරීමේ ජාවාරමක් මේ දිනවල ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමය පවසනවා. විවිධ රටවල ප්‍රභූ පුද්ගලයන්ගේ නම් භාවිත කරමින් අදාල ඊමේල් පණිවිඩ එවනු ලබන අතර ඔවුන් ආසියාතික කලාපයේ විශාල මුදලක්  වැය කර සිදු කිරීමට යන සමාජ ආයෝජනයක් සඳහා උපකාර බලාපොරොත්තු වන බව පවසමින් මෙලෙස ඊමේල් පණිවිඩ එවීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා.
මෙවැනි ඊමේල් පණිවිඩ සැලකිය යුතු ශ්‍රී ලාංකිකයන් පිරිසකට ලැබී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමයට ලැබුණු තොරතුරුවලින් තහවුරු වන බව සඳහන්  වන අතර ඊමේල් පණිවිඩ හරහා දුරකථන අංකය ලබාගනිමින්  ආයෝජනය සඳහා ලංකාවට පැමිණීමට අවශ්‍ය ගුවන් ටිකට්පතේ වියදම දරන ලෙස හෝ මූලික ලියවිලි කටයුතු සඳහා ඔවුන්ගේ ගිණුම්වලට මුදල් දමන ලෙස ඉල්ලමින් කූට ලෙස ජනතාව රවටමින් මුදල් ලබාගැනීමට කටයුතු කර තිබෙනවා.

ආයෝජනයේදී මුදල් හා ප්‍රතිලාභ ලැබෙන බව පවසමින් මෙවැනි කූට ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයන්ට හසුවීමෙන් වැළකී සිටීමට එම ඊමේල් පණිවිඩවලට ප්‍රතිචාර නොදක්වන ලෙසත්, මෙවැනි ඊමේල් පණිවිඩ ලද විගස ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමය  දැනුවත් කරන ලෙසත් එම සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka