gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෙර දැනුම්දීමක් නැතුවම කුවේට් ගිය ගෘහ සේවිකාවන් පිරිසක් එවයි

කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී තම හාම්පුතුන්ගේ පහරදීම්, වැටුප් නොලැබීම් සහ විවිධ හිරිහැරවලට ලක් වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 57 දෙනෙකු අද (29) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණා.
ඔවුන් අද දින උදෑසන 6.30 ට කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් පෙර දැනුම් දීමකින් තොරව  කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණා.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පදිංචි මෙම කාන්තාවන්, කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණීමෙන් පසුව, කුවේට් පොලීසිය මගින් පරීක්ෂණ පවත්වා, තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ මෙසේ ශ්‍රී ලංකාවට එවා තිබුණා.

මෙම පිරිස අතරින් 07 දෙනෙකු රෝගී තත්ත්වයෙන් පසු වූ අතර, එයිනුත් තිදෙනකු දැඩි ලෙස රෝගී තත්වයෙන් පසුවන බවයි වාර්තා වෙන්නේ.

ඒ අතර සිටි එක් කාන්තාවකට තම හාම්පුතා විසින් පහර දීම නිසා ඇවිදීමට පවා නොහැකිව රෝද පුටුවක ආධාරයෙන් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වන්නේ .

මෙම පිරිස අතර සිටි තවත් එක් කාන්තාවක් සිය දෑස් අන්ධව කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බවද වාර්තා කළා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka