gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කටුනායකට පැමිණි නමක් නැති ගුවන්යානය හෙළිකරන්නැයි තිලංග ඉල්ලයි

කටුනායක බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපලට දින කිහිපයකට පෙර පැමිණ තිබූ නාමයක් සඳහන් නොවන ගුවන් යානය කුමක්දැයි රජය විසින් රටට කරුණු හෙළි කල යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල මහතා පැවසීය.
පාදුක්ක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ (25) පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මන්ති‍්‍රවරයා එලෙස සඳහන් කළේය.

එම ගුවන් යානය දින කිහිපයකට පෙර කටුනායක ගුවන් තොටුපලට පැමිණ, නැවත පිටත්ව ඇති බවත් එය කුමන රටේ කුමන ගුවන් සේවයට අයත් ද යන්න ගැන කිසිදු සදහනක් නොතිබූ බවත් අංක එන්513එස් එන් යනුවෙන් පමණක් එහි සදහන්ව තිබූ බවත් එබැවින් එම ගුවන් යානයේ පැමිණියේ කවුද, ඔවුන් මෙරට සිදුකළේ මොනවාද යන්න රජය විසින් රටට වහා හෙළි කළ යුතු බවත් මන්ත්‍රීවරයා කීවේය.

සෝෆා ගිවිසුම අත්සන් කර නැතැයි රජය පුන පුනා කියූවද මේ අයුරින් කිසිදු රටක හෝ ගුවන් සේවයක නමක් නොමැතිව ගුවන් යානා රටට ළගාවීම හේතුවෙන් අප රට ඇමරිකාවේ කොලනියක් වී ඇති ද යන්න පිළිබඳව ගැටලුවක් පැන නැගී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka