gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහා සංඝරත්නය ගැන රන්ජන් කළ ප්‍රකාශ විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් මහා සංඝරත්නය සම්බන්ධයෙන් දක්වා ඇති අදහස් හා ඊට සම්බන්ධව ඔහුගේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පලවූ වීඩියෝ පිළිබඳව විමර්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් විදේශ අමාත්‍ය, ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සහ සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන අය මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වනවා.

රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශ හා එළිදක්වා ඇති වීඩියෝ පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකොට, ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අගමැතිවරයා වෙත යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවේ වගකීමයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka