gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහනුවර හා අවට ප්‍රදේශවල මත්පැන් හා දුම්වැටි අළෙවිය තහනම් වන ලකුණු

මහනුවර ශ්‍රී  දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන කාලසීමාව තුළ මහනුවර නගරය සහ ඒ අවට ප්‍රදේශය මත්පැන් සහ දුම්වැටි නිවාරණ කලාපයක් බවට පත් කිරීමට ඇසළ පෙරහර කමිටුවේ අවධානය යොමුව තිබේ. ඒ අනුව ඇසළ පෙරහර පැවැත්වෙන කාල සීමාව තුළ මහනුවර නගරයේ සිට කිලෝමීටර් පහක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක සියලු සුරාසල් වසා තැබීමටත්, දුම්වැටි අලෙවි නොකිරීමටත් පියවර ගත හැකි බව කමිටුවේ අදහසයි.
ඒ අනව ඇසළ පෙරහර කමිටුවේ නිර්දේශය යොමු කළ පසු සුදුසු තීරණයක් ගතහැකි බව කමිටුව නියෝජනය කළ සුරාබදු දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් ස්ථාන භාර නිලධාරි ශාන්ත දේව ද සිල්වා මහතා කමිටුව හමුවේ දැනුම් දෙනු ලැබීය.

මහනුවර ශ්‍රී  දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සංවිධායකත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් රජයේ සහ රාජ්‍ය නොවන සංවිධාන රැසක සහභාගිත්වයෙන් මහනුවර ශ්‍රී  දළදා මාලිගා පරිශ්‍රයේදී මෙම කමිටු රැස්වීම පැවැත්විණි.

මෙහිදී ආරක්ෂක තත්ත්වය පිළිබඳ පැහැදිලි කළ මහනුවර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි එම්.එන්. සිසිර කුමර මහතා පෙරහර රාජකාරි සඳහා අවශ්‍ය පොලිස් නිලධාරීන් ප්‍රමාණවත් පරිදි යොදවන බවත්, අවශ්‍යතාව අනුව ඔවුන් පිට පළාත්වලින් ගෙන්වීමට කටයුතු යොදන බවත් පැවැසීය.

පෙරහර කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති බව පැවැසූ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා පෙරහර නැරැඹීමට පැමිණෙන ජනතාව පීඩාවට පත් නොවන අයුරින් ආරක්ෂක වැඩපිළිවෙළ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් සඳහන් කළේය.

මේ අතර නාවික හමුදාව පෙරහර නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ජීවිතාරක්ෂක බෝට්ටු යෙදවීමට කටයුතු යොදා ඇති අතර මහනුවර සහ පේරාදෙණිය රෝහල් මඟින් විශේෂ වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලයද යෙදවීමට පියවර ගෙන ඇත.

මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.සී. රණේපුර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහ සිවුමහා දේවාල බස්නායක නිලමේවරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.



හාරිස්පත්තුව - එම්.ජේ. ගලහිටියාව
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka