gossip lanka

පොහොට්ටු මන්ත්‍රීන් දෙදෙනෙකු මංගල සාදයකදි ගුටි කාලා !

කුරුවිට ඒදණ්ඩවල පිහිටි උත්සව ශාලාවක මංගල සාදයක දී රත්නපුර මහ නගර සභාවේ සේවකයන් දෙදනකුගේ පහර කෑමට ලවූ පොදුජන පෙරමුණ නියෝජනය කරන එම නගර සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කළ බව කුරුවිට පොලිසිය පවසයි. පහරදුන් බව කියන නගර සභා සේවකයන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් නගර සභා සේවකයන් දෙදෙනා පවුලේ අයියා මලෝ දෙදෙනකු බවද පොලිසිය සඳහන් කළේය.

සැකකරුවන් රත්නපුර මහවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ද පොලිසිය පවසයි.

කුරුවිට පොලිස් බලප්‍රදේශයේ ඒදණ්ඩවල පිහිටි උත්සව ශාලාවක පැවති මංගල සාදයක් අවසාන වෙද්දී මෙම සැකකරුවන් දෙදෙනා රත්නපුර මහ නගර සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන චන්ද්‍රසිරි අතුකෝරළ සහ චමිල් කස්ත්‍රිආරච්චි යන දෙදෙනාට මෙසේ පහරදී ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් මන්ත්‍රීවරුන් දෙදෙනාට පුටුවලින් ද පහර දෙන අයුරු උත්සව ශාලාවේ තිබූ සීසීටීවී කැමරාවල සටහන්වි ඇති බවත් පොලිසිය සඳහන් කරයි. පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරු දෙදෙනා 1990 ගිලන් රථයකින් රත්නපුර මහ රෝහලට ඇතුළත් කර තිබුණි.

සිද්ධිය වන අවස්ථාවේ සැකකරුවන් රත්නපුර මහ නගර සභාවේ රාජකාරියට අත්සන් කර සාදයට පැමිණ තිබූ බවට ලද තොරතුරක් අනුව ඒ සම්බන්ධයෙන් ද විමර්ශනය කරන බව පොලිසිය පැවසුවේය.  ඔවුන් දෙදෙනා බීමතින් සිටි බවට  තොරතුරු ලැබුණ බව කී පොලිසිය සිද්ධියෙන් පසු ඔවුන් සැගවී සිටිය දී  සිද්ධියවී පැය අටකට පමණ කාලයකින් පසුව වෙනත් නිවසක සිටිය දී අත්අඩංගුවට ගත් අතර අනෙක් සැකකරු පසුදින අත්අඩංගුවට ගනු ලැබිණි.  රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් අධිකරණ නියෝග මත මේ මස 25දා මතක් රිමාන්ඩ් භාරයේ තබා ඇත.

පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරුන් දෙදෙනාද මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලින් බැහැර ගොස් ඇති බව රෝහල්
ප්‍රකාශකයෙක් පැවසීය.

(අජිත්ලාල් ශාන්තඋදය)
gossip lanka