gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පිටරටින් ගෙනා ‘කුණු’ මැද සඟවා ‘කුඩු’ ගෙනාවාදැයි සැකයි

“රට, ජාතිය ගැන කතා කරන සියලු දෙනා අත්අඩංගුවට ගැනීමටත් ත්‍රස්තවාදී කණ්ඩායම්වලට නායකත්වය දෙන පිරිස්වලට නිදහසේ ජීවත් වීමටත් අවශ්‍ය නීතිමය වපසරියක් රට තුළ නිර්මාණය වී තිබෙනවා” යැයි සිංහලේ විමුක්ති පෙරමුණේ සභාපති අක්මීමන දයාරතන හිමි පවසයි.
සිංහලේ විමුක්ති පෙරමුණ පෙරේදා (23දා) දෙහිවල බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් දයාරතන හිමියෝ මෙසේ පැවැසූහ.

“එංගලන්තයේ ඉඳලා ලංකාවට කුණු කන්ටේනර් ඇවිල්ලා තියෙනවා. අපි දන්න විධියට 1980 බාසල් කියන සම්මුතියෙන් ජාත්‍යන්තර එකඟතාවලට පත්වෙලා තියෙනවා කිසිදු රටක කුණු තවත් රටකට නොදැමිය යුතුයි කියලා. එතකොට මේ එකඟතාව ඉවත් කරගෙනද? ලංකාවට 2013 ඉඳලා කුණු ගෙනාවේ. කුණු ගෙනැල්ලා දාන්න තරම් අපේ රට පිළිකුල් සහගත රටක්ද? අපේ රටේ නායකයෝ ලෝකයේ අවමානයට පත්වෙලා ඉන්න නායකයොද? ටොන් 5000කට ආසන්න කුණු ප්‍රමාණයක් මේ වෙනකොට ගෙනැල්ලා ගොඩ ගහලා තියෙනවා. මේ කුණු මැද කුඩු සහ වෙනත් තහනම් දේවල් ගේනවද කියලා අපිට සැකයි.

මේවා ගැන දේශපාලකයොත් දැනුවත්. ගේන අය ගැනත් දන්නවා. ඒ දැනගෙන තමයි රටේ ජනතාවට කොළේ වහන්නේ. ඊට පස්සේ කියනවා අපි දන්නවා හේලිස් එකෙන් තමයි ගෙනත් තියෙන්නේ කියලා. එතකොට හේලිස් එක කියනවා අපි ගෙනාවේ නෑ කියලා.

මේ කුණු කන්ටේනර් ටික උඩින් ඇවිල්ලා වැටුණා නෙවෙයිනේ. වරාය හරහා ගෙනාව කුණු ගැන වරාය දන්නේ නැත්නම් රටේ පාලකයෝ දන්නෙත් නැතිනම් අදාළ අමාත්‍යාංශය දන්නෙත් නැතිනම් රටේ ජනතාවද මේ ගැන දන්නේ.

දැන් මේ කුණු ගෙනැල්ලා විශාල භූමි ප්‍රමාණයක අහුරලා තියෙන්නේ. මේවා වැස්සට තෙමෙනවා. ඒ ජලය කාන්දු වෙනවා කානුවලට. ඒ මඟින් මේවා ගංගාවලට යනවා. කැලණි ගඟට එහෙම යනවා. ගඟේ ජලය මිනිස්සුන් ප්‍රයෝජනයට ගන්නවා. මේ තුළින් ලෝකේ තියෙන හොයා ගන්න බැරි ලෙඩ රෝග අපේ ජනතාවට වැලඳෙනවා.

දැන් අලුතින් පනතක් ගේන්න හදනවා ජාතිවාදී අදහස් ප්‍රකාශ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් කියලා. ජාතිය ගැන කතා කරන රට ගැන කතා කරන රටට ආදරය කරන සියලු දෙනාම අත්අඩංගුවට ගැනීමටත් ත්‍රස්ත වැඩ කටයුතුවලට නායකත්වය දෙන සියලු දෙනාට නිදහසේ වැඩකටයුතු කරන්න පුළුවන් නීතිමය වපසරියක් තමයි රට තුළ නිර්මාණය වෙලා තියෙන්නේ.”

ජයත් ශ්‍රී  බණ්ඩාර
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka