gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යාපනය සරසවි සිසු ගැටුමකින් 11 දෙනෙකු රෝහල්ගත කෙරේ !

යාපනය, විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය, අරවියල්නගර් ප්‍රදේශයේ පිහිටි ඉංජිනේරු පීඨයේ සිසු කණ්ඩායම් දෙකක් අතර ඊයේ (24) රාත්‍රියේ ඇති වූ ගැටුමකින් සිසුන් 11 දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.


ඉංජිනේරු පීඨයේ  ජ්‍යේෂ්ඨ සිසුන් හා පළමු වසර සිසුන් අතර පළමුව බහින්බස්වීමක් සිදු වී ඇති අතර පසුව එය දුරදිග යාමෙන් සිසුන් දෙපාර්ශවය අතර පහරදී ගැනීමක් සිදුවී ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.

අනතුරුව සිසු ගැටුමෙන් තුවාල ලැබු විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කරනු ලැබීය.

කෙසේ වෙතත් පහරදීම හෝ පහර කෑ පාර්ශවයන්ගෙන් මෙතෙක් කිලිනොච්චිය පොලීසියට පැමිණිල්ලක් ලැබී නොමැති අතරම අදාල ගැටුම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණයක් සිදු කිරීමට පියවර ගෙන ඇති බවටද කිලිනොච්චිය පොලීසිය පවසයි.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලක සභාවේ නිලධාරීන්ගෙන් සිදුකළ විමසීමකදී පැවසුවේ සිද්ධියක් වාර්තා වි ඇති අතරල අදාල සිසු ගැටුම සම්බන්ධයෙන් ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

මුලතිව් ශෂිකුමාර්
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka