gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සියඹලාණ්ඩුව පොලිසියට හෙණ ගහයි !

සියඹලාණ්ඩුව ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව සමඟ ඇතිවූ අකුණු සැර වැදීමකින් සියඹලාණ්ඩුව පොලිසියේ පොලිස් නිලධාරියකු තුවාල ලබා පෙරේදා (13දා) රෝහල් ගතකර ඇතැයි සියඹලාණ්ඩුව පොලිසිය පවසයි.
මෙම අකුණු වැදීමෙන් තුවාල ලබා ඇත්තේ සියඹලාණ්ඩුව පොලිස් සථානයේ අන්තර්ජාල හා දුරකථන පද්ධතියේ රාජකාරියේ යෙදී සිටි රේවත (40878) නම් පොලිස් කොස්තාපල්වරයෙකි.

අකුණු සැර වැදීම හේතුවෙන් සියඹලාණ්ඩුව පොලිස් ස්ථානයේ අන්තර්ජාල හා දුරකථන පද්ධතිය මුළුමනින්ම විනාශ වී තිබෙන බව අනාවරණය වී ඇත. පොලිසිය පවසන්නේ අනපේක්ෂිතව ඇතිවූ ආපදාවෙන් පොලිස් ස්ථානයේ ඡායා පිටපත් යන්ත්‍රය, ෆැක්ස් යන්ත්‍රය, මෝටරෝලා යන්ත්‍රය හා ස්ථානයට විදුලිය සපයන විදුලි රැහැන් පද්ධතියටද හානි සිදුව ඇති බවයි.

මෙම සිද්ධිය පිළිබඳව මොනරාගල සහකාර පොලිස් අධිකාරි එස්.පී.කේ. ගාල්ලගේ මහතාගේ ප්‍රධානත්වයෙන්ද පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එහිදී මිරිහාන පොලිස් විදුලි සන්දේශ කොට්ඨාසය වෙත දැනුම් දී පරීක්ෂණ වාර්තාවක් කැඳවීමටත් ලංකා විදුලිබල මණ්ඩලයේ අම්පාර විදුලි ඉන්ජිනේරුවරයාගේ හා සියඹලාණ්ඩුව විදුලි ඉන්ජිනේරුවරයාගේ වාර්තාවක් කැඳවීමටත් සහකාර පොලිස් අධිකාරිවරයා උපදෙස් ලබාදී තිබේ.

මාස ගණනාවක් පුරා ප්‍රදේශයට පැවැති අධික වියළි කාලගුණික තත්ත්වය හමාර කරමින් ඉතා කෙටි කාලයක් තුළ අධික වර්ෂාපතනයක් ප්‍රදේශයට ඇදහැලුණු අතර රාත්‍රි 7.30ට පමණ මෙම අකුණු සැර වැදීම සිදුවූ බව සියඹලාණ්ඩුව පොලිසිය පවසයි.

මොනරාගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල, සහකාර පොලිස් අධිකාරි එස්.පී.කේ. ගාල්ලගේ යන මහත්වරුන්ගේ උපදෙස් හා නියෝග මත සියඹලාණ්ඩුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරේ.

මොනරාගල - සංජීව බණ්ඩාර
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka