gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමරිකාවෙන් ආ බඩු ගුවන් යානය ගැන කතා දෙකක් !

කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ඇමරිකානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය පුර්ව අනුමැතිය සහිතව ශ්‍රි ලංකාවට පැමිණි බවට ආරක්ෂක අමාත්‍යංශය අප වෙත ලිපියක් යොමුකරමින් පවසයි.

එම ලිපියේ සඳහන් වන්නේ අදාළ යානය නියමිත ගුවන් මාර්ගයේ ගමන්කරන අතරතුර අවශ්‍ය භාණ්ඩ හා සේවා අවශ්‍යතා ලබාගැනීමට කටුනායක ගුවන්තොටුපළට ගොඩබා ඇති බවයි.


ආරක්ෂක අමාත්‍යංශය අප වෙත යොමුකළ ලිපියේ දැක්වෙන එම ප්‍රකාශයේ පරස්පරතා කිහිපයක් දැකගත හැකියි.

ලිපියේ දැක්වෙන පරිදි - නියමිත ගුවන් මාර්ගයේ ගමන්කර අතරතුර ලෙස සඳහන් කිරීම – ඉන් පළමුවැන්නයි.

මෙම ගුවන්යානයේ ගමනාගමන දත්ත නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ එය පසුගිය 11 වෙනිදා ප්‍රෑක්ෆර්ට් සිට බහරේනය දක්වා පැමිණ ඇති බවයි.

අනතුරුව එය එදිනම ශ්‍රී ලංකාව බලා පැමිණ ඇත්තේ පැය 5 ක ගුවන් කාලයක් ගතකරමිනි.

අනතුරුව මෙම ගුවන් යානය නැවත පිටත්ව ගොස් ඇත්තේ එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ ෆුජයිරා ගුවන්තොටපළට වන අතර එම ස්ථානයට යානය ශ්‍රී ලංකාවට පැමිණිමට ගමන් ආරම්භ කළ බහරේනයේ සිට ඇත්තේ පැයක පමණ ගුවන් කාලයකි.

ඒ අනුව කිසිසේත් නියමිත ගුවන් මාර්ගයේ ගමන්කරන අතරතුර මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවට පැමිණි බව පිලිගත නොහැක්කකි.

සිවිල් ගුවන්සේවා අධිකාරියෙන් තොරතුරු ලබාගෙන ආරක්ෂක අමාත්‍යංශ යොමුකළ ලිපියේ මෙම යානය පැමිණියේ භාණ්ඩ හා සේවා අවශ්‍යතා ලබාගැනීමට සදහන්වන අතර සිවිල් ගුවන්සේවා අධිකාරිය අප කළ විමසීමකදී ඊයේ සඳහන් කළේ, මෙරට ඇගලුම් තොගයක් අපනයනය කිරීම සඳහා යානය පැමිණ ඇති බවයි.

ඒ අනුව අප වෙත ලිපිය යොමුකළ ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතාගෙන් අප ඒ පිළිබඳව කළ විමසීමේදී ලිපියේ සඳහන් කරුණු පරස්පර බව ඔහු ද පිළිගත්තේ ය.

නියමිත දැනුවත් කිරිම් සිදු කර පැමිණි බව ආරක්ෂක අමාත්‍යංශය අප වෙත යොමු කළ ලිපියේ සඳහන් වුවත්, යානය පැමිණී දින අප කළ විමසීමකදී ගුවන් තොටුපොළ බලධාරීන් යානය පැමිණි බව පමණක් තහවුරු කළ අතර එහි රැගෙන ආ භාණ්ඩ පිළිබඳව විස්තරයක් නොමැති බව කියා සිටියේ ය.

එම අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළ භූමියේ සිවිල් මෙහෙයුම් සිදුකරන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පැවසුවේ මේ යානය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි.

අප කළ විමසීමකදී රේගුව පැවසුවේ, ගුවන්තොටුපොළින් පිටතට රැගෙන යන භාණ්ඩ පරීක්ෂාවට ලක් වුවත් යානය තුළ ඇති භාණ්ඩ පරීක්ෂා කිරීමක් නොවන බවයි.

ඇමරිකාවේ වෙස්ටර්න් ග්ලෝබල් එයාර් ලයින් නමැති භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවා සමාගමකට අයත් මැක්ඩොනල්ඩ් ඩග්ලස් 11 වර්ගයේ යානය කටුනායකට ළගාවී තිබුනේ පෙරේදා අලුයම 3 යි 47 ටයි.

ඇමරිකාවේ නිෂ්පාදිත මෙය, විශාල භාණ්ඩ ප්‍රමාණයන් රැගෙන දුර ගමනාන්තවලට පියාසර කිරීමේ පහසුකම සහිත යානයකි.

ඩබ්ලිව්.ජී.එන්. 1710 දරණ මෙම යානයේ ගමන් සටහන් පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ, එය පසුගිය දිනවල අවස්ථා කිහිපයකදී රටවල් කිහිපයකම ඇමරිකානු කඳවුරුවලට පියාසර කර තිබු බවයි.

ජුලි පස් වැනිදා කටාර් ගුවන් කඳවුරටත්, ජුලි 2 වැනිදා ඉතාලියේ කැටනියා ගුවන් කඳවුරටත් එම යානය මෑතකදී පියසර කර තිබේ.

ඊට අමතරව යානය පසුගිය කාලසීමාවේ වැඩි වශයෙන් පියාසර කර තිබුණේ ඇමරිකානු කඳවුරු හෝ හමුදා ස්ථානගත කර ඇති නගරවලටයි.

යානය අයත් වෙස්ටර්න් ග්ලෝබල් එයාර් ලයින් සමාගමේ නිල වෙබ් අඩවිය පරීක්ෂා කිරීමේදී ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ඔවුන්ගේ ප්‍රධාන ගනුදෙනු කරුවෙකු බව පෙනී යයි.

එබැවින්, මෙම යානය ඇක්සා ගිවිසුම අනුව ඇමරිකානු හමුදා සදහා භාණ්ඩ රැගෙන පැමිණි යානයක් දැයි මතුවන්නේ සැකයකි.

(නිවුස් ෆස්ට්)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka