gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුලුවන්නම් අල්ලන්න - පොලිසියට සොරුන්ගෙන් අභියෝගයක් !

හැටන් නගර මධ්‍යයේ ප්‍රධාන පෞද්ගලික මුල්‍යය ආයතනයක් ඉදිරිපිට ගාල් කර තිබු  රු. හය ලක්ෂයක් පමණ වටිනා ත්‍රිරෝද රථයක් සොරාගෙන යාම සම්බන්ධයෙන් හැටන් පොලිසිය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

හැටන් නගරයේ දුම්රිය පාලම ඉදිරිපිට රථගාලේ නතර කර තිබු ත්‍රිරෝද රථයක් ඊයේ (23)  දහවල් 2 ට පමණ තිදෙනෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බවයි හැටන් පොලිසිය පැවසුවේ.


ත්‍රිරෝද රථයේ අයිතිකරු නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ත්‍රිරෝද රථ අයිතිකරු මුණ ගැසිමට ඊයේ (23) උදැසන  පැමිණි නාදුනන තිදෙනෙක් ත්‍රිරෝද රථය අලෙවි කරන බවට ලද තොරතුරක් මත පැමිණි බවත්, ත්‍රිරෝද රථය අලෙවි කරනවා නම් එය අද දිනම මිල දි ගැනිමට පැමිණි බව  එම තිදෙනා විසින් ත්‍රිරෝද රථයේ අයිතිකරුට පවසා ඇත.

එහිදි ත්‍රිරෝද රථයේ අයිතිකරු ගැනුම් කරුවන්ට පවසා ඇත්තේ තමන්ගේ අතට රු. එක් ලක්ෂ විසිදහසක මුදලක් ලබා දි ත්‍රිරෝද රථයේ පෞද්ගලික මුල්‍යය ආයතනයට ගෙවිමට ඇති ඉතිරි වාරික ගණන ගෙවන්නේ නම් ත්‍රිරෝද රථය අද දිනම  අලෙවි කල හැකි බවයි.

එ අනුව දෙපාර්ශවයම එකගතාවයට පත් ඊයේ දහවල් හැටන් නගරයේ පිහිටි ආදාල මුල්‍යය ආයතනයට පැමිණ ත්‍රිරෝද රථය මිල දි ගන්නා බව පැවසු තිදෙනාගෙන් එක් අයෙකු ඔහුගේ ජංගම දුරකථන අංකය මුල්‍යය ආයතනයට ලබා දි අදාල ත්‍රිරෝද රථයේ ගෙවිය යුතු ඉදිරි වාරික ගණන ගණනය කර දැනුම් දෙන ලෙස පවසා  ත්‍රිරෝද රථයේ අයිතිකරුව අදාල මුල්‍යය ආයතනයේම නතර කර හැටන් නගරයට ගොස් තේ බි නැවත මුල්‍යය ආයතනයට පැමිණෙන බව දන්වා ඔවුන් තිදෙනා පිටව ගොස් ඇත.

තේ බිමට යැයි පවසා මුල්‍යය ආයතනයෙන් පිටතට ගිය තිදෙනා දිගු වේලාවක් මුල්‍යය ආයතනට නොපැමිණි නිසා ත්‍රිරෝද රථයේ  අයිතිකරු තම ත්‍රිරෝද රථය ගාල්කර  තිබු ස්ථානයට පැමිණ පරික්ෂා කර බැලිමේදි ත්‍රිරෝද රථය එම ස්ථානයේ නොතිබුණු නිසා වහා ක්‍රියාත්මක වු ත්‍රිරෝද රථයේ අයිතිකරු හැටන් පොලිසියට දිව ගොස් පැමිණිලි කර ඇත.

පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වු හැටන් පොලිසයේ නිලධාරින් අදාල මුල්‍යය ආයතනයට ගොස් එම ආයතනයේ තිබු ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂා කර බලා එම අයාතනය වෙත ලබා දුන් දුරකථන අංකයට පොලිස් නිලධාරින් ඇමතුමක් ලබා ගැනිමේදි එම ඇමතුම ලබා ගත් ත්‍රිරෝද රථය සොරාගත් අයෙකු බව සැක කෙරෙන කෙනෙකු හැටන් පොලිසියේ නිලධාරින්ට පවසා ඇත්තේ තමන් ත්‍රිරෝද රථය සොරාගත් බවත්, හැකිනම් ත්‍රිරෝද රථය සහ තමන්ව අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන ලෙසයි.

හැටන් රංජිත් රාජපක්ෂ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka