gossip lanka

කුසුම් පීරිස් අභාවප්‍රාප්ත වෙයි !

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක සහ ජනප්‍රිය ගීත රචිකාවියක වූ කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්තවී තිබේ.

ඒ, රාගම පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මියයන විට ඇය 71 වැනි වියේ පසුවූවාය.


ඇය ජනප්‍රිය හඬ කැවීම් ශිල්පිනියක ද වේ.

කුසුම් පීරිස් මහත්මියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දීමට නියමිතයි.
gossip lanka