gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කඩේ තියෙන හඳුන්කූරුත් භයානකයි : පිළිකා හදයි

වෙළෙඳපොළේ පවතින හඳුන්කූරු දුමාරය උග්‍ර විෂ සහිත පිළිකාකාරකයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පාරිසරික හා වෘත්තීය ඉනෝකා සුරවීර මහත්මිය පැවසුවාය.

මේ වන විට හඳුන්කූරු මගින් සිදුවන සෞඛ්‍යමය බලපෑම සම්බන්ධයෙන් ලංකාවේ පර්යේෂණ සිදු කර නොමැති වුවද තායිලන්තය, ඉන්දියාව වැනි රටවල මේ පිළිබඳව පුළුල් පරීක්ෂණ සිදු කර ඇත.


වාෂ්පශීලී කාබනික සංයෝග, පොලිඇරොමිටික් හයිඩ්‍රොලික්කාබන්, ඇතුළු විෂ රසායනික ද්‍රව්‍ය රැසක් හඳුන්කූරුවල අඩංගු වේ. විශේෂයෙන් පොලිඇරෝමැටික් හයිඩ්‍රොකාබන් මගින් පිළිකා ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින බවත් මෙම හඳුන්කූරු දැල්වීමේදී මෙම රසායනික කොටස් ඉතා සියුම් අංශු ලෙස පිටවන අතර ඒවා ආඝ්‍රාහණය කිරීමෙන් පෙණහලු ආබාධ, ඇතිවන බව වෛද්‍යවරිය සඳහන් කළාය. දීර්ඝ කාලීනව මෙම දුමාරයට නිරාවරණය වීමෙන් පිළිකා, පෙණහලු ආබාධ, හෘද රෝග ඇතිවිය හැකි වන අතර කෙටිකාලීනව වුවද ඇදුම සහ ආසාත්මිකතා ඇතිවිය හැකිය.

එමෙන්ම හඳුන්කූරු හේතුවෙන් සෞඛ්‍ය ගැටලු ඇතිවීම කරුණු තුනක් මත පදනම් වන බවද දුම් ප්‍රමාණය, නිරාවරණය වන කාලය සහ හඳුන්කූර දල්වන අවස්ථාවේ එම පරිසරයේ ඇති වාතාශ්‍ර ප්‍රමාණය මේ කෙරෙහි බලපාන බවද කියයි.

විශේෂයෙන්ම ආගමික ස්ථානවල රැඳෙන පිරිස්වලට මෙන්ම කුඩා දරුවන්, පාසල් දරුවන් සඳහාද මෙම විෂ දුම වැඩි බලපෑමක් ඇති කරන බවත් කුඩා දරුවන්ගේ විෂ හරණය කරන පද්ධති වැඩී නොමැති වීමෙන් ඔවුහු ඊට පහසුවෙන් ගොදුරු වෙති.
නිවසක් තුළ සහ ආගමික ස්ථානයක හඳුන්කූරු දැල්වීමේදී සිදුවන බලපෑමේද වෙනසක් ඇත. ආගමික ස්ථානවල හඳුන්කුරු දැල්වීමේ එය වාතාශ්‍රය බහුල පුළුල් ප්‍රදේශයකට විවෘත වන නමුත් නිවසකදී එය වාතාශ්‍රය අවම පරිසරයක දැල්වීමෙන් වැඩි වශයෙන් දුම ආඝ්‍රාහණය විය හැකිය. අතීත නිවෙස්වල එළිමහනේ පහන් පැලක් තනා මෙම පූජාවන් කිරීමෙන් එම බලපෑම අවම වූ බවද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කරයි.

එමෙන්ම පාසල් පන්ති කාමර තුළ සහ වාහන තුළ හඳුන්කූරු දැල්වීම ඉතා අහිතකරය.

(අරුණ)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka