gossip lanka

ශිෂ්‍යත්ව පංති 31 රෑ සිට තහනම් !

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාල උපකාරක පංති මේ මස 31 වැනිදින මධ්‍යම රාත්‍රී 12 න් පසුව විභාගය නිමවෙන තෙක් තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයට අදාලව උපකාරක පංති පැවැත්වීම විෂයානුබද්ධ දේශන , සම්මන්ත්‍රණ , වැඩමුළු පැවැත්වීම , ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම හා බෙදාහැරීම තහනම් බවද විභාග දෙපාර්තමේන්තුව කියයි.

තවද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාල පෝස්ටර් , බැනර් අත්පත්‍රිකා බෙදා හැරීමද විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රචාරයක් කිරීමද එම කාලය තුළ තහනම් වේ.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 4 වැනිදා පැවැත්වේ
gossip lanka