gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බලපත්‍ර ලියවිලි කිසිවක් නැතිව බීමතින් රිය පැදවූවාට ලැබුණු ලොකු දඩය

වවුනියාව නගරයේදී බීමත්ව කිසිදු බලපත්‍රක් හෝ ලියවිල්ලක් නොමැතිව යතුරු පැදියක්  ධාවනය කළ තරුණයෙකුට 24 දා වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් 76000 ක දඩයක් නියම කොට තිබෙනවා.

මෙම තරුණයාව මීට දින දෙකකට ඉහතදී වවුනියාව පොලීසියේ රථ වාහන අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු පැද වූ යතුරු පැදිය නතර කොට පරීක්ෂා කිරීමේදී ඔහු අධික ලෙස බීමත්ව සිට තිබෙනවා.


යතුරු පැදිය සදහා තිබිය යුතු ආදායම් බලපත්‍රය රක්ෂණ සහතිකය දුම් වාර්තාව ඇතුළු සහතිකද යතුරු පැදිය ධාවනය කළ තරුණයාට රියදුරු බලපත්‍රක්ද තිබී නොමැති අතර පොලිස් නිලධාරීන් මේ සහතික ඉල්ලා සිටි අවස්ථාවේදී ඔහු පොලිස් නිලධාරීන්ට බැණ වැදී ඔවුන්ගේ රාජකාරියට බාධා කොට තිබෙනවා.

රථවාහන පොලීසියේ නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ තැබීමෙන් පසුව ඔහු පොලිස් ඇප මත නිදහස් වීමෙන් පසුව අධිකරණය වෙත ඉදිරිපත් වූ අවස්ථාවේදී මෙම දඩය නියම කොට ඇති බවයි වාර්තා වන්නේ.



වවුනියාව-රසාදි චතුරංගි ගමගේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka