gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෝවිලේ ඝාණ්‌ඨාරය නාද කරද්දී බඹරු ඇවිස්‌සී එලව එලවා පහර දීලා... අයෙක්‌ මරුට... හත්දෙනකුට තුවාල

යාපනයේ කෝපායි ඌරලි අම්මාන් කෝවිලේ දේව පූජාවට සහභාගි වෙමින් සිටි පිරිසකට 25 දා බඹරු දෂ්ඨ කිරීම නිසා එක්‌ අයකු මරුමුවට පත් වී තවත් හත්දෙනකු තුවාල ලබා තිබේ.
 කෝවිලේ ඝණ්‌ඨාරය අසල ගමන් කරන බඹර වදයක්‌ හදිසියේම බැඳ තිබූ අතර ඒ බව නොදත් පිරිස දේව පූජාව සඳහා ඝාණ්‌ඨාරය නාද කිරීමත් සමගම ඇවිස්‌සුණු බඹරුන් කෝවිලේ සිටි විශාල පිරිසකට දෂ්ට කරන්නට පටන්ගෙන තිබේ.

මේ අවස්‌ථාවේදී එක්‌ අයකුට බඹරුන් විශාල ප්‍රමාණයක්‌ දෂ්ට කොට ඇති අතර ඔහු ඉතා අසාධ්‍ය තත්ත්වයට පත්ව තිබේ.

කෝපායි පොලිසිය ඉතා ඉක්‌මනින්ම ගිලන් රථයක්‌ රැගෙන විත් ඔහුව රෝහල වෙත රැගෙන ගොස්‌ ඇතත් ඔහු රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස්‌ තිබේ.

මෙසේ මියගොස්‌ ඇත්තේ අයියාතුරෙයි අරුන්දවරාජා නමැති 63 හැවිරිදි අයෙකි.

තුවාල ලැබූවන්ගෙන් හත්දෙනකු කෝපායි ඇතුළු තවත් රෝහල්වලට ඇතුළු කොට ප්‍රතිකාර ලබා නිවෙස්‌වලට ගොස්‌ තිබේ.

බඹරුන් එකා බැගින් දෂ්ඨ කළ බොහෝ දෙනකු නිවෙස්‌වලටම දුවගොස්‌ ඇතත් ඔවුන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල් ගතවී නොමැත.

මෙම බඹර වදය ඉවත් කොට දෙන මෙන් යාපනයේ කෝපායි ඌරලි අම්මාන් කෝවිලේ භාරකරුවන් යාපනයේ ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka