gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

20 වැනි වියේ පසුවූ බිරිඳ මරා වැසිකිළි වළට දැමූ සැමියා පෝරකයට

තම විවාහක බිරිඳ හුස්‌ම සිරකර ඝාතනය කර ඇගේ මළ සිරුර නිවසේ වැසිකිළි වළට දමා සඟවා තැබූ පුද්ගලයකු වරදකරු බවට තීන්දු කළ රත්නපුර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉකුත් 24 දා ඔහු මරණීය දණ්‌ඩනයට යටත් කළේය.
ගජනායකගේ දයාවංශ නමැත්තා එම විත්තිකරු වේ. 2002 වසරේ නොවැම්බර් 22 වන දින පල්ලේබැද්දදී නානායක්‌කාර හේවගේ තුෂාරි ඉන්දිකා යන අයගේ මරණය සිදුකිරීම සහ වරදක්‌ සිදුකර ඇති බව දැන දැනම නීත්‍යානුකූල දඬුවමින් ආවරණය වීම සඳහා සාක්‌ෂි අතුරුදන් කිරීමට මළ සිරුර සැඟවීම යන අධිචෝදනා 2 මත රත්නපුර මහාධිකරණය හමුවේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබිණි.

විත්තිකරුට එරෙහි නඩු විභාගය දීර්ඝ කාලයක්‌ තිස්‌සේ මහාධිකරණය හමුවේ පැවැති අතර කිසිදු ඇසදුටු සාක්‌ෂියක්‌ නොමැතිව පරිවේෂණීය සාක්‌ෂි පදනම් කරගෙන පමණක්‌ පැමිණිල්ල ගොඩනගා තිබීම විශේෂ සිද්ධියක්‌ වූ අතර ප්‍රාදේශීය පොලිසිය මගින් කරන ලද විමර්ශන කටයුතු ඔස්‌සේ අතුරුදන්ව සිටි මියගිය කාන්තාව සොයා ගැනීමට නොහැකිව තිබියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් කරන ලද විමර්ශනයකදී අතුරුදන්ව සිටි කාන්තාවගේ සිරුර ඇය පදිංචිව සිටි නිවස අසල වැසිකිළි වළට දමා තිබියදී සොයාගෙන සැකකරු ලෙස ඇගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇත. මියයන විට ඇගේ වයස අවුරුදු 20 ත් 25 ත් අතර විය හැකි බව පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවෙන් පවසා තිබිණි.
පළමු චෝදනාවට විත්තිකරු වරදකරු කර ඇති බැවින් 2 වන චෝදනාවේ සඳහන් කාරණාව සම්බන්ධයෙන් නඩු කටයුතු නතර කරන බව විනිසුරුවරයා තම තීන්දු ප්‍රකාශයේ දී සඳහන් කළේය. නඩුවේ ඉදිරිපත් වී ඇති පරිවේෂණීය සාක්‌ෂි මනාව විශ්ලේෂණය කිරීමෙන් පසුව අධිකරණයට එළඹීමට හැකිවන්නේ මරණය සිදුකර ඇත්තේ මෙම නඩුවේ චූදිත මිස අන්කිසිවකු නොවන බවට පැමිණිල්ල සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවයි යනුවෙන් ද විනිසුරුවරයා පැවසුවේය.

 මරණ දඬුවම පැමිණවීමට පෙර එසේ දඬුවම් නොකිරීමට හේතුවක්‌ ඇතිනම් පවසන ලෙසට විනිසුරුවරයා විත්තිකරුට පැවසුවද ඔහු විත්ති කූඩුවේ නිහඬව සිටියේය. රජයේ අධිනීතිඥ කනිෂ්ක රාජකරුණා මහතා නඩුවේ පැමිණිල්ල මෙහෙය විය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka