gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අලුගෝසු තනතුරට ඉල්ලූ කාන්තාවන් සහ විදේශිකයාට වෙනසක්

අලුගෝසු තනතුර සඳහා ඉල්ලුම්පත් 102ක් ලැබී ඇති බවත් ඒ අතරින් දෙදෙනෙකු කාන්තාවන් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසා සිටියි.

ලැබී ඇති ඉල්ලුම්පත් 102 අතරින් 99 දෙනෙකු මෙම මාසය තුළ සම්මුඛ පරීක්ෂණ සදහා කැදවීමට නියමිතව ඇත.
ඉල්ලුම් පත්‍ර එවා ඇති කාන්තාවන් දෙදෙනෙකු සහ විදේශිකයෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී කර නොගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

වදක තනතුර සඳහා අයදුම්පත්‍ර භාරගැනීම පෙබරවාරි මස 11 වැනිදා ආරම්භ වු අතර එය පසුගිය 25 වැනිදායින් අවසන් වුණි.

අවුරුදු 18- 45ත් අතර වයසේ පසුවන සම්මාන දෙකක් සහිතව විෂයන් 6කින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ පිරිමි පුද්ගලයින් හට පමණක් ඒ සඳහා අයදුම් කිරීමට හැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවූවන්ට එම දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවස්ථා කිහිපයකදී අවධාරණය කර සිටි අතර ඊට අදාළ කටයුතු සිදුකිරීමේ අරමුනින් වදක තනතුර සඳහා මෙම අයදුම්පත් කැඳවීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදු කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka