gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නවක දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 46 කට සුව ඇමැති අතින් පත්වීම් !

දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 46 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විනි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “මම දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස පත්වීම් ලබා පැමිණෙන විට අනෙක් වෛද්‍යවරුන්ට වගේ සියලු පහසුකම් අපට තිබුනේ නැහැ. එම පහසුකම් දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ට ලබාගැනීමට මම සටන් කළා. අදියරෙන් අදියර ඉල්ලීම් දිනා ගත්තා. පැය 24 සේවාව දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ට ලබාගැනීමත් සමග නිල නිවාස පවා හිමි වුනා. වර්තමානයේ අනෙක් වෛද්‍යවරුන් මෙන් දන්ත ශල්‍ය වෛද්‍යවරුන් ද සම මට්ටමේ සිටිනවා. ඔවුන්ටත් සම අයිතිවාසිකම් හිමි වී තිබෙනවා. වර්තමානයේ නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රතිලාභ සියයට සියයක්ම ජනතාවට හිමි වෙනවා. මීට පෙර තිබූ රජයන්ට වඩා මෙම රජය යටතේ සෞඛ්‍ය පහසුකම් හිමිවීම ඉතාම වැදගත්. නමුත් රජයේ විගණකාධිපතිවරයා ප්‍රකාශ කරනවා සෞඛ්‍ය සේවා ලිඛිතව විධිමත්ව සිදු කරන ලෙස. ලියකියවිලි නිවැරදි නම් ගැටලුව අවසන් නමුත් සෞඛ්‍ය සේවා ලියකියවිලි මත පදනම් ව ක්‍රියාත්මක කරන්න බැහැ. නොබියව තීන්දු තීරණ ගත යුතුයි. සාධාරණ, අවංක සහ ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ලබාගෙන තිබෙනවා නම් අපි ආරක්ෂිතයි. කොළඹ දන්ත රෝහලේ දෙවන අදියරේ ඉදිකිරිම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ද පියවර ගත යුතුයි. නවීන වෛද්‍ය පහසුකම් අපගේ රෝහල්වලට ලබාදෙනවා. “

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා, අතිරේක ලේකම් සුනිල් ද අල්විස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ආනන්ද ජයලාල් සහ ලාල් පනාපිටිය, දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් එක්ව සිටියහ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka